පුවත්

රත්‍රං හා ස්මාර්ට් ෆෝන් හොරෙන් ගෙනා මන්ත්‍රී සබ්රි නිදහස්!

Published

on

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රත්‍රං සහ ස්මාට් දුරකථන සමග රේගු භාරයට ගෙන සිටි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා රුපියල් මිලියන 7.5ක දඩයක් නියම කර මුදාහැර තිබේ.

මෙලෙස ඔහු සන්තකයේ තිබී හමුවූ රත්‍රන් කිලෝ 3යි ග්‍රෑම් 397ක් බරැති රන් ආභරණ හා රන් බිස්කට් වල වෙළඳපොල වටිනාකම රුපියල් මිලියන 74ක් පමණ බව වාර්තා වේ.

ඊට අමතරව, රුපියල් මිලියන 4.2ක් වටිනා ස්මාර්ට් ජංගම දුරකථන 91ක්ද ඔහුගේ ගමන් මලු වලින් හමුවී ඇත.

සබැදි පුවත්

මන්ත්‍රී ගේ ගමන් මලු වලින් මිලියන් ගණනක රන් හා ස්මාර්ට්ෆෝන් (Update)

Trending

Exit mobile version