Connect with us

පුවත්

රන්ජන් කරන්නේ ලයිකා මොබයිල් ව්‍යාපෘතියක් – ප්‍රසන්න අධිකාරී රන්ජා කුඩුපට්ටම්කරයි (වීඩියෝ)

Published

on

රංජන් හා දිල්ෂාන් නංගි පෙන්නලා ආච්චි දෙන්න යන්නේ

රංජන් හා දිල්ෂාන් නංගි පෙන්නලා ආච්චි දෙන්න යන්නේ - ප්‍රසන්න අධිකාරි

Posted by A5 News Sri Lanka on Wednesday, October 30, 2024

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා නළු රන්ජන් රාමනායක සිදුකරනු ලබන්නේ ලයිකා මොබයිල් ආයතනයේ දේශපාලන ව්‍යාපෘතියක් බව එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක ප්‍රසන්න අධිකාරී මහතා කියයි.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (30) කොළඹ මාධ්‍ය හමුවක් පවත්වමිනි.

එසේම එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ යනුවෙන් පක්ෂයක් මැතිවරණ කොමිසමේ ලියාපදිංචි වී නැතැයි ද එහි ලියාපදිංචිවී ඇති පක්ෂය වන්නේ එක්සත් කොංග්‍රස් පක්ෂය බවද ඔහු කීය.

අදාළ පක්ෂය 2024 මහ මැතිවරණය සඳහා එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ යනුවෙන් තාවකාලිකව නම වෙනත් කරගෙන ඇතැයි ඔහු අනාවරණය කළේය.

එසේම මේ පක්ෂයේ නායකයා රන්ජන් රාමනායක නොවන බවත්, මේ පක්ෂයේ ජාතික සංවිධායකයා තිලකරත්න ඩිල්ෂාන් නොවන බවත් ඔහු මෙහිදී හෙළිකළේය.

https://www.facebook.com/share/v/tFnqVLEWmVRKbfnK/?mibextid=KsPBc6

එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ සුභාෂ්කරන් අලිරාජා විසින් මෙහෙයවන පක්ෂයක් බව මුලින්ම හෙළිකරනු ලැබුවේ දේශපාලඥයකු මෙන්ම සමාජ ක්‍රියාකාරියකු වන ඕෂල හේරත් මහතා විසිනි.

ඔහු කියා සිටියේ මැතිවරණ කොමිසමේ පිලිගත් දේශපාලන පක්ෂ තොරතුරු ඇතුළත් පිටුවෙහි ඇතුළත් නිලධාරී මණ්ඩලයේ ලේකම් ලෙස නම ඇතුළත්ව ඇත්තේ ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ හිමිකාර සමාගම ලෙස කටයුතු කරනු ලබන බෙන් හෝල්ඩිංග්ස් සමාගමේ (Ben Holdings Pvt)  සමූහ අධ්‍යක්ෂ ගෝවින්දසාමි ජයසීලන් මහතාගේ බවය.

ජයසීලන් මහතා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය නිෂ්කාශන සහතිකයක් ලබාදීම ප්‍රතික්ෂේප කරන ලද පුද්ගලයෙක් බව මීට පෙර මාධ්‍ය වාර්තා කර තිබිණි.

ඊට අදාල ලිපිය පහත දැක්වේ.

සබැඳි පුවත්

රන්ජන් ඡන්දය ඉල්ලන්නේ “ලයිකා මොබයිල්” පක්ෂයෙන් ඕෂලගෙන් චෝදනා

පුවත්

වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි 05දෙනෙකුට ස්ථාන මාරු

Published

on

By

රාජ්‍ය නිවේදිත නිලධාරීන් 5 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීම් හා පත්කිරීම් සිදුකර තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව මෙය සිදුකර ඇති බවය.

අදාළ පත්කිරීම් හා ස්ථානමාරු කිරීම් මෙසේය

Continue Reading

පුවත්

ධීවර යාත්‍රා අනතුරු සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක්

Published

on

By

දිගින් දිගටම සිදුවන ධීවර යාත්‍රා අනතුරට ලක්වීමේ සිදුවීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත්කර ඇති බව ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ අදාළ අනතුරුවලට හේතුවූ කරුණු හා ඒ සඳහා ලබාදිය හැකි විසඳුම් පිළිබඳව අවධානය යොමුකිරීමේ අරමුණින් මෙම කමිටුව පත්කර ඇති බවය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

ලෝක බල අරගලය මෙරට බල පෙරළියකට තුඩුදිය හැකියි – රනිල්

Published

on

By

ලෝකය බල අරගලයක් වෙත ගමන් කරන අවදානම් තත්ත්වය යටතේ ඉතා දුර්වල ආර්ථිකයක් හිමි ශ්‍රී ලංකාවට ඉදිරියේදී දැඩි ආර්ථික බලපෑමක් එල්ල විය හැකි බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියයි.

එය මෙරටේ බල හුවමාරුවකට පවා තුඩු දිය හැකි බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

ආර්ථික විශ්ලේෂක ගයන්ත දෙහිවත්ත විසින් රචිත “විකල්ප මඟ” කෘතිය කොළඹ මල් පාරේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලයේදී පසුගියදා හිටපු ජනාධිපතිවරයාට පිරිනැමීම සඳහා පැවැති සුහද හමුවේදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. 

“ඊශ්‍රාලය විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරය හෙලා දකිමින් මම ඉරානය පැත්තේ හිටගන්නවා. මෙම ප්‍රහාරය දියත් කළේ ඉරානය පරමාණුක බලශක්තිය සම්බන්ධයෙන් ඇමරිකාව සමග සාකච්ඡා කරමින් සිටින විටයි. ලෝකයේ න්‍යෂ්ටික හා ආර්ථික බලයේ ආධිපත්‍ය ඇමරිකාව ඇතුළු බටහිර කඳවුරෙන් ගිලිහී යමින් පවතිනවා. ආසියානු රටවල් අතරට එය පත්වෙමින් තිබෙනවා. රුසියාව, චීනය බලවේගයක් ලෙස මේ වන විට නැගී සිටිනවා. එම බලවේගය ඇමරිකාව ඇතුළු බටහිර රටවලට කරදරයක්. චීන මුදල් ඒකකය අන්තර් ජාතික ගනුදෙනු නිරවුල් කිරීමේ මුදල් ඒකකයක් ලෙස ඉදිරියට පැමිණ තිබෙනවා. එය BRICS ඇතුළු රටවල් දැනටමත් භාවිත කිරීමට පටන් ගෙන තිබෙනවා. එය අපේ රටටද ඉදිරියේදී අන්තර්ජාතික ගනුදෙනු නිරවුල් කිරීමේදී භාවිත කළ හැකි මුදල් ඒකකයක්. මේ අවස්ථාවේ ඉන්දියාව අමතක කරන්නත් හොඳ නැහැ. ඇමරිකා ඩොලර් ට්‍රිලියන හතරක විදේශ සංචිතයක් ඇති ඉන්දියාව සමග අපි ගමන් කළ යුතුයි.”

මෙහිදී හිටපු ජනාධිපතිවරයා වත්මන් මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ගැන කියමින් ඔහු විපක්ෂයේ හදවත බදු බවත් ඔහු ආරක්ෂා කිරීමේ වගකීම අපි සැමට ඇති බවත් කීවේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved