Connect with us

පුවත්

රන්මාල කොල්ලකෑම් රැසකට හිටපු ජාතික රගර් ක්‍රීඩකයා අත්අඩංගුවට

Published

on

රන් මාල කොල්ලකෑම් රැසකට සම්බන්ධ  ජාතික රගර් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකු  රුපියල් ලක්ෂ 40, කට ආසන්න රන් භාණ්ඩ සමඟ අත්අඩංගුවට ගත් බව කඩුවෙල පොලිසිය කියයි.

එම සැකකරු සමග හොරයින් මත්කුඩු මිලිගෑම් 5400 කට අධික ප්‍රමාණයක් පොලිස් බාරයට ගෙන ඇත.

 කඩුවෙල විහාර මාවතේ සැකකටයුතු මෝටර් රථයක් නවතා තිබෙන බවට කඩුවෙල පොලිසියේ ස්ථානාධිපතිට ලද ලද තොරතුරකට අනුව  සැකකාර රගර් කීඩකයා අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී ඔහු සන්තකයේ හොරයින් මත්කුඩු මිලිගෑම් 5400 ක් තිබි හමුවීමෙන් අනතුරුව පොලිසියට රැගෙන විත්  සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී  පෑලියගොඩ කඩුවෙල  මුල්ලේරියාව හා වැලිකඩ පොලිස් බල ප්‍රදේශ වල සිදු වූ රන්මාල කොල්ලකෑම්  රැසක තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

සැකකරු ඒ ආකාරයෙන් 2022 වර්ෂයේ මැද භාගයේ දී වැලිකඩ පොලිස් වසමේ ව්‍යාපාරිකයකු පැළඳ සිටි පවුම් නමයක් බර රන් මාලයක්ද කොල්ල කා තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඊට අමතරව සෙසු පොලිස් වසම් වල  දී එලෙස රන්මාල කොල්ලකෑම සිදුකර තිබූ බව පොලිස් නිලධාරියකු පැවැසීය

ඒ සියලුම කොල්ල කෑම් සැකකරු සිදුකර ඇත්තේ සොරා ගත් යතුරු පැදිවලින් වීම විශේෂත්වයක් බවත් කොල්ල කෑමෙන් අනතුරුව එම යතුරු පැදි අත්හැර දමා ගොස් ඇතැයි පොලිසිය කියයි.

සැකකරු කොල්ල කන ලද සියලුම රන් භාණ්ඩ හෙට්ටිවීදිය සහ ග්‍රෑන්පාස් ප්‍රදේශ වල රන් භාණ්ඩ මිලදී ගන්නා ස්තාන වලට විකුණා තිබියදී පොලිසිය මඟින් සොයාගෙන ඇත.

රන් භාණ්ඩ සොයා ගන්නා අවස්ථාව වන විට එම රන් භාණ්ඩ උණු කර තිබූ බවත් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ක්‍රීඩා සමාජයක ක්‍රීඩකයකු වන සැකකරු 2003  වසරේදී ජාතික රගර් කණ්ඩායම නියෝජනය කර  2007 වර්ෂයේදී හොරයින්  මත්කුඩු පානයට ඇබ්බැහි ව තිබූ බව  පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරු දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

(අද)

පුවත්

දින 9කදී ලංගම ආදායම රු. මිලියන 1,300 පන්නයි

Published

on

By

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු උදාවත් සමග ගම් බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට විශේෂ බස් රථ තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන මණ්ඩලයේ ගමනාගමන කළමනාකරු එච්. පියතිලක මහතා පවසයි.

ඔහු පැවසුවේ මේ වන විටත් අඛණ්ඩව පැය 24 පුරා ක්‍රියාත්මක වන බස් සේවාවක් ක්‍රියාත්මක වන බවය.

විශේෂයෙන් මහනුවර සිරි දළදා වන්දනාව සඳහා සහභාගී වන සැදැවතුන් වෙනුවෙන් ද විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක කර ඇතැයිද පැවසු ඒ මහතා පැවසුවේ ඒ අනුව මහනුවර – කොළඹ මාර්ගය සඳහා මේ වන විට ලංගම බස් රථ 150කට ආසන්න සංඛ්‍යාවක්ද යොදවා ඇති බවය.

එමෙන්ම පසුගිය 10 වැනිදා සිට ඊයේ (19) දිනය දක්වා වන විට ජාතික ගමනා ගමන මණ්ඩලය රුපියල් මිලියන 1,300කට ආසන්න ප්‍රමාණයක් උපයා ඇතැයිද එළැඹෙන දින කිහිපයේදී මෙම ආදායම තවදුරටත් ඉහළ යා හැකි බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව CIDයට

Published

on

By

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව හා ලේඛන ඇතුළත් වෙළුම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලදී.

ඒ අනුව ජනාධිපති ලේකම් – නන්දික සනත් කුමානායක මහතා විසින් අදාළ වාර්තාව ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට පියවර ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

Continue Reading

පුවත්

ඩෙංගු – චිකන්ගුන්‍යා ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක්

Published

on

By

මේ දිනවල පවතින වර්ෂාවත් සමග ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ සම්බන්ධව අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ ඩෙංගු රෝගය ව්‍යාප්ත කරනු ලබන මදුරුවන් හරහා චිකන් ගුන්‍යා රෝගය ද ව්‍යාප්ත වන බවය.

ඔහු පැවසුවේ දීර්ඝ සති අන්ත නිවාඩුව සහ පාසල් නිවාඩුව හේතුවෙන් බොහෝ පිරිස් විනෝද චාරිකා ගොස් ඇති බවත් මේ හේතුවෙන් නිවාස සහ අවට පරිසරය පිරිසිදු කර ගැනීමේ හැකියාව මග හැරී ගොස් ඇති බවය.

මේ හේතුවෙන් මදුරුවන් බෝවන ස්ථාන පිරිසිදු කිරීමේ හැකියාවක් ලැබී නොමැති බැවින් මදුරුවන් බෝ වන ස්ථාන වැඩි වී ඇතැයිද ඔහු පැවසීය.

ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝග පතුරුවනු ලබන්නේ එකම මදුරුවෙකු විසින් බව පෙන්වා දුන් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ මේ හේතුවෙන් අවට පරිසරය නිරන්තර පිරිසිදු කරගනිමින් මදුරුවන් බෝවිම වළක්වා ගන්නා ලෙස ජනතාව දැනුවත් කරන බවය.

(අරුණ)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved