කදාන ලින්ටන් පාරේ දී හෝටල් හිමි කෝටිපති ව්‍යාපාරිකයකුගේ පවුම් 27 ක රන් මාලයක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රි ලංකා රග්බි කණ්ඩායමේ හිටපු ක්‍රිඩකයෙක් කඩුවෙල දී කදාන පොලිසිය මගින් පෙරේදා අත්අඩංගුවට ගනු ලැබීය.
(38) හැවිරිදි පුද්රැගලයකු වු සැකකරු 2007 වසරේ සිට වසර 5 ක කාලයක් ශ්‍රි ලංකා රගර් කණ්ඩායම නියෝජනය කර ඇති බවත් ඔහු තදින්ම අයිස් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහිව සිටින්නකු බවත් පොලිසිය කියයි.
මෙම සැකකරු ඉකුත් පෙබරවාරි මස 20 දින රාත්‍රියේ යතුරු පැදියකින් පැමිණ ව්‍යාපාරිකයාගේ නිවස ඉදිරිපිටිදී ඔහුගේ රන් මාලය කඩාගෙන පලාගොස් ඇති බවට පොලිසියට පැමිණ’ලි ලැබී ඇත.
ව්‍යාපාරිකයා සිය නිවස ඉදිරිපිට කාණුවක් ශූද්ධ පවිත්‍ර කරමින් සිටියදී මෙම සිද්ධියට මුහුණ පා ඇත. සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු පැමිණ’ලි අනුව පොලිසිය මාර්ග රැසක සී සී ටී වී කමරා 48 ක් පරික්ෂාවට ලක්කර සැකකරු හදුනාගත් බව පොලිසිය කියයි.
(ලංකාදීප)