හිටපු මුදල් ඇමැති සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (13) ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා හමුවී තිබේ.
මෙම හමුවේදී ද්විපාර්ශ්වික සබඳතා, දේශපාලන වර්ධනයන් සහ අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන වෙනත් විෂයයන් පිළිබඳව ඔවුන් අදහස් හුවමාරු කර ගෙන ඇති බව මාධ්‍ය වාර්තාවල දැක්වේ.
පසුගියදා එක්සත් ජනපදයේ සිට මෙරටට පැමිණි බැසිල් රාජපක්ෂ මහති ජනමාධ්‍ය වෙත ප්‍රකාශ කරන ලද්දේ ඉදිරි මැතිවරණයක් වෙනුවන් සිය පක්ෂය සූදානම් කරමින් සිටින බවයි.
කෙසේවුද,
සන්තෝෂ් ජා මහතා හමුවීමට පෙර බැසිල් මහතා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අතර එහිදී සිදු කළ සාකච්ඡා අවසන් තීන්දුවකින් තොරව අවසන්වූ බවද පැවසේ.මේ අතර, පසුගියදා කෝප් කමිටු සභාපති ධූරයට රෝහිත අබේගුණවර්ධන මහතා පත්කරනු ලැබුවේ බැසිල් මහතාගේ යෝජනාවකට අනුව බවද වාර්තා වේ.