Connect with us

පුවත්

රනිල්ගෙන් පසු බැසිල් ඉන්දීය මහ කොමසාරිස් හමුවෙයි

Published

on

හිටපු මුදල් ඇමැති සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (13) ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා හමුවී තිබේ.

මෙම හමුවේදී ද්විපාර්ශ්වික සබඳතා, දේශපාලන වර්ධනයන් සහ අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන වෙනත් විෂයයන් පිළිබඳව ඔවුන් අදහස් හුවමාරු කර ගෙන ඇති බව මාධ්‍ය වාර්තාවල දැක්වේ.

පසුගියදා එක්සත් ජනපදයේ සිට මෙරටට පැමිණි බැසිල් රාජපක්ෂ මහති ජනමාධ්‍ය වෙත ප්‍රකාශ කරන ලද්දේ ඉදිරි මැතිවරණයක් වෙනුවන් සිය පක්ෂය සූදානම් කරමින් සිටින බවයි.
කෙසේවුද, 

සන්තෝෂ් ජා මහතා හමුවීමට පෙර බැසිල් මහතා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අතර එහිදී සිදු කළ සාකච්ඡා අවසන් තීන්දුවකින් තොරව අවසන්වූ බවද පැවසේ.මේ අතර, පසුගියදා කෝප් කමිටු සභාපති ධූරයට රෝහිත අබේගුණවර්ධන මහතා පත්කරනු ලැබුවේ බැසිල් මහතාගේ යෝජනාවකට අනුව බවද වාර්තා වේ.

පුවත්

දෙහිවල සිටි “මැකො” උස්සලා

Published

on

By

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. 

මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

Continue Reading

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved