හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ ප්‍රධානත්වයෙන් විශේෂ දේශපාලන සාකච්ඡාවක් ඊයේ (30) පස්වරුවේ කොළඹ පෞද්ගලික හෝටලයක පවත්වා තිබිණි.
අදාළ සාකච්ඡාව රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැඳවා තිබූ එකක් බව පැවසේ.
මේ සඳහා එක්ව සිටි වැඩි පිරිස පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපතිවරයාට සහාය පළ කළ දේශපාලන පක්ෂ නියෝජිතයින් බවද වාර්තා වේ.
කෙසේවුවද, සමගි ජනබලවේගය නියෝජනය කරන මනෝ ගනේෂන් සහ පී. දිගාම්බරම් යන මන්ත්‍රීවරුන් ද මෙම සාකච්ඡාව සඳහා සහභාගි වී සිටීම විශේෂත්වයකි.
මීට අමතරව, හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන, උදය ගම්මන්පිල, අනුර ප්‍රියදර්ශන යාපා, දුමින්ද දිසානායක, කංචන විජේසේකර, සාගල රත්නායක, වජිර අබේවර්ධන ද එක්ව සිටි බව පැවසේ.