Connect with us

පුවත්

රනිල් පොහොට්ටුවේ 60ක් අරන් හදන්න යන සන්ධානය!

Published

on

ඉදිරි මැතිවරණවලදී ජනාධිපතිවරයාට සහයෝගය දැක්වීම සඳහා ‘‘රාජපක්ෂලා’’ නොමැතිව නව දේශපාලන සන්ධානයක් බිහි කිරීමට ආණ්ඩුවේ, විපක්ෂයේ සහ දේශපාලන පක්ෂ අතර විශේෂ සාකච්ඡාවක් කොළඹදී පසුගිය 09 වැනිදා පවත්වා තිබේ.

එම සාකච්ඡාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රිවරු රැසක් එක්ව සිටියහ. මෙම සන්ධානය බිහි කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරු පිරිසක් ජනාධිපතිවරයා හමු වී සාකච්ඡාවක්ද පවත්වා තිබේ.

එහිදී දේශපාලනික වශයෙන් සහ දුෂණයෙන් තොර, විරැකියාව අවම කරන ආණ්ඩුවක් බිහි කිරීම සඳහා වූ ගිවිසුම් දෙකක් ජනාධිපතිවරණ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග අත්සන් කිරීමට සාකච්ඡා කර තිබේ. ‘‘රාජපක්ෂලා’’ නොමැති සන්ධානයක් බිහි කිරීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රිවරු 60කට අධික සංඛ්‍යාවක් ඊට එක්වීමට නියමිත බවද සාකච්ඡාවට එක් වූ මන්ත්‍රිවරු මෙහිදී ප්‍රකාශ කර තිබේ.

නව සන්ධානයේ ව්‍යවස්ථාව සකස් කිරීම සඳහා දේශපාලන නායකයන් තිදෙනකු මෙහිදී පත් කර ඇති අතර සතියක් තුළ ව්‍යවස්ථාව සකස් කිරීමට නියමිතය.

ඉන් පසු දේශපාලන පක්ෂ සමග ගිවිසුම් අත්සන් කිරීමට බලාපොරොත්තු වේ.

(අරුණ)

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved