පුවත්

රනිලුත් අනුරපුරෙන් සටන අරඹන්න සුදානම්

Published

on

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ මංගල රැලිය අනුරාධපුරයේ දී පැවැත්වීමට නියමිතව තිබේ.

ජනාධිපතිවරයාගේ මංගල ජන රැළිය අනුරාධපුර සල්ගාදු පිටියේදී සෙනසුරාදා (17) පස්වරු 2 ට පැවැත්වෙන බව සඳහන් වේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට බාර ගැනීමෙන් පසු දේශපාලන වශයෙන් සෘජුවම පවත්වන පළමු ජන රැළිය මෙය බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ බහුතර පක්ෂ සංඛ්‍යාවක ජනතා නියෝජිතයන් මෙන්ම ජනතාව එකට එක්ව ජනාධිපති අපේක්ෂකයකු වෙනුවෙන් මහජන රැළියක් පවත්වන පළමු අවස්ථාව ලෙස අනුරාධපුර ජන රැලිය ඉතිහාසයට එක්වන බවද රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කලේය.

ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ අනුරාධපුර ශ්‍රී මහා බෝධිය වන්දනා කිරීමෙන් හා මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුර මංගල රැලියට සහභාගී වීමට නියමිත බවය.

Trending

Exit mobile version