පුවත්

“රනිලුත් හිටියා, රිලවුත් හිටියා, පොලුත් තිබුණා”

Published

on

ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉඩක් නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා කියයි.

අම්බලන්ගොඩ අකුරලදී පැවැති එක්සත් ජාතික පක්ෂයේ රත්ගම ආසන බල මණ්ඩල රැස්වීම අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

අබේවර්ධන මහතා මෙසේද කීවේය.

” රනිල් වික්‍රමසිංහ මහත්තයා රට භාර දෙනකොට පොල් ගෙඩිය රුපියල් සීයයි. දවස් 77 කට පොල් ගෙඩිය 240 යි. මම දන්න දේශපාලනය අනුව සිංහල අවුරුදු වෙනකොට හාල් කිලෝව රුපියල් හාරසීයට යනවා. කොහොමද මිනිස්සු ජීවත් වෙන්නේ. ඒකයි මං කියන්නේ රනිලුත් හිටියා රිලවුත් හිටියා. හැබැයි පොලුත් තිබුණා. දැන් කියනවා වහලා තියෙන මෝල් අරිනවලු. ඒවට ගිහින් හාල් දැම්මම බාගෙට බාගයක් නරක් වෙනවා. මට පේන්නේ භයානක තැනකට යනවා. මේ දවස් 77 ට ගෙදරක වියදම රුපියල් පහළොස් දාහකින් වැඩි වෙලා. මට නම් කියන්න තියෙන්නේ කල්පනාවෙන් වැඩ කරන්න. ආණ්ඩුවට බැණල වැඩක් නැහැ. ඡන්දෙ දීල ඉවර වෙලා අපිට බණිනවා. අපිට බණින්න එපා. අපි කිව්වා මේ වැඩේ කරන්න එපා කියලා. ජනාධිපතිවරුන්ගේ පැන්ෂන් එක නැති කරනවලු. එහෙම කරන්න නීතියෙන් බැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නැති කළත් බැහැ. මොකද ජේආර් ජයවර්ධන මහත්තයානේ ලිව්වේ. වැඩි කරන්න විතරයි පුළුවන්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 36 (2) වගන්තියේ කියලා තියෙනවා ජනාධිපතිවරයාට විශ්‍රාම වැටුපකට හිමිකම් තියෙනවා. “

Trending

Exit mobile version