Connect with us

පුවත්

“රනිලුත් හිටියා, රිලවුත් හිටියා, පොලුත් තිබුණා”

Published

on

ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉඩක් නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා කියයි.

අම්බලන්ගොඩ අකුරලදී පැවැති එක්සත් ජාතික පක්ෂයේ රත්ගම ආසන බල මණ්ඩල රැස්වීම අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

අබේවර්ධන මහතා මෙසේද කීවේය.

” රනිල් වික්‍රමසිංහ මහත්තයා රට භාර දෙනකොට පොල් ගෙඩිය රුපියල් සීයයි. දවස් 77 කට පොල් ගෙඩිය 240 යි. මම දන්න දේශපාලනය අනුව සිංහල අවුරුදු වෙනකොට හාල් කිලෝව රුපියල් හාරසීයට යනවා. කොහොමද මිනිස්සු ජීවත් වෙන්නේ. ඒකයි මං කියන්නේ රනිලුත් හිටියා රිලවුත් හිටියා. හැබැයි පොලුත් තිබුණා. දැන් කියනවා වහලා තියෙන මෝල් අරිනවලු. ඒවට ගිහින් හාල් දැම්මම බාගෙට බාගයක් නරක් වෙනවා. මට පේන්නේ භයානක තැනකට යනවා. මේ දවස් 77 ට ගෙදරක වියදම රුපියල් පහළොස් දාහකින් වැඩි වෙලා. මට නම් කියන්න තියෙන්නේ කල්පනාවෙන් වැඩ කරන්න. ආණ්ඩුවට බැණල වැඩක් නැහැ. ඡන්දෙ දීල ඉවර වෙලා අපිට බණිනවා. අපිට බණින්න එපා. අපි කිව්වා මේ වැඩේ කරන්න එපා කියලා. ජනාධිපතිවරුන්ගේ පැන්ෂන් එක නැති කරනවලු. එහෙම කරන්න නීතියෙන් බැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නැති කළත් බැහැ. මොකද ජේආර් ජයවර්ධන මහත්තයානේ ලිව්වේ. වැඩි කරන්න විතරයි පුළුවන්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 36 (2) වගන්තියේ කියලා තියෙනවා ජනාධිපතිවරයාට විශ්‍රාම වැටුපකට හිමිකම් තියෙනවා. “

පුවත්

අවුරුදු 5ට අඩු දරුවන්ගේ මරණවලට පශ්චාත් මරණ පරීක්ෂණය අනිවාර්ය යි.

Published

on

By

වයස අවුරුදු 05ට අඩු සියලුම දරුවන්ගේ මරණ අනිවාර්ය පශ්චාත් මරණ පරීක්ෂණයකට භාජනය කළ යුතු බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය මරණ පරීක්ෂකවරුන්ට දැනුම් දී තිබේ.

මරණ පරීක්ෂකවරුන් වෙත යොමුකළ චක්‍රලේඛයකින් අමාත්‍යාංශය අවධාරණය කරන්නේ මෙය ශ්‍රී ලංකාවේ ළමා මරණ විශ්ලේෂණයේ අත්‍යවශ්‍ය අංගයක් බවය.

වයස අවුරුදු 5ට අඩු ළමුන්ගේ මරණ අනුපාත සඳහා පොදු හේතු හඳුනා ගැනීම සහ එවැනි මරණ වළක්වා ගැනීම සඳහා පූර්වාරක්ෂාව පියවර ගැනීම සඳහා මෙම පිළිවෙත පනවන බව අමාත්‍යාංශය පවසයි.

මෙම මරණ අනුපාත අඩු කිරීම සඳහා මෙම මරණ පිටුපස ඇති හේතු අධ්‍යයනය කිරීමට සහ විශ්ලේෂණය කිරීමට පශ්චාත් මරණ පරීක්ෂණ සොයාගැනීම් භාවිත කරනු ඇත.

වාර්තාවන පරිදි මෙම පියවර අඩු මාතෘ මරණ අනුපාත සමඟ එහි මෑත කාලීන ජයග්‍රහණයෙන් පසුව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය දර්ශක වැඩිදියුණු කිරීමට බලධාරීන් ගත් උත්සාහයකි.

වර්තමානයේ, පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වනු ලබන්නේ දරුවකුගේ මරණය සැක සහිත තත්ත්වයක් හෝ අනතුරකදී පමණි.

කෙසේවෙතත්, නව නීතියට අනුව වෛද්‍ය වෘත්තිකයන් මරණයට හේතුව තීරණය කර ඇති අවස්ථාවන්හිදී පවා වයස අවුරුදු පහට අඩු සියලුම දරුවන් සඳහා පශ්චාත් මරණ පරීක්ෂණ අවශ්‍ය වනු ඇත.

විශේෂඥයන් මෙම ප්‍රතිපත්තිය අනවශ්‍ය ලෙස විවේචනය කර ඇති අතර, මරණය සැක සහිත නොවන විට පශ්චාත් මරණ පරීක්ෂණයක් සැමවිටම අවශ්‍ය නොවන බව සඳහන් කර ඇත.

සෑම පශ්චාත් මරණ පරීක්ෂණයකටම රු. 15,000ක් පමණ වැය වන බවත්, එමඟින් සැළකිව යුතු සම්පත් නාස්තියක් බවත් ඔවුන්ගේ අදහස වී තිබේ.

මෙවැනි දැඩි ක්‍රියාමාර්ග ගැනීමට පෙර මෙම ක්‍රියාවලියේ සෑම පියවරකදීම සම්බන්ධ වන පාර්ශවකරුවන්ගෙන් උපදෙස් ලබා ගත යුතු බව ඔවුන්ගේ අදහසයි.

Continue Reading

පුවත්

අදත්  තද වැසි

Published

on

By

උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ බොහෝ  ප්‍රදේශවල අද (29) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය.

දකුණු සහ බස්නාහිර පළාත්වලත් පුත්තලම, මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකියි.

මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වලත් වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Continue Reading

පුවත්

තැපැල් ඡන්ද සලකුණු කිරීම අදින් අවසන්

Published

on

By

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (29) දිනයෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, මෙතෙක් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ රාජ්‍ය නිලධාරීන්ට අද දිනය තුළ සිය සේවා ස්ථානයේ දී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව හිමිවන බවය.

මෙවර පළාත් පාලන මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද සළකුණු කිරීමේ කටයුතු පසුගිය 24 වන දින ආරම්භ වූ අතර 25 සහ 28 යන දිනවල දී ද ඒ සඳහා අවස්ථාව හිමිවුණි.

මේ අතර පළාත් පාලන මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු අද දිනයෙන් අවසන් වීමට නියමිතව තිබේ.

තැපැල්පති රුවන් සත්කුමාර මහතා සඳහන් කළේ, මේ වන විට සියයට 90ක් පමණ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැර අවසන් බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved