Connect with us

පුවත්

රස පරීක්ෂණයෙන් පසුව උද්දිකග‍ේ සිද්ධියේ සැකකරුවන් අත්අඩංගුවට

Published

on

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රවීණ රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතා ගමන් ගත් මෝටර් රථයට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කිරීමට යොදා ගත් බවට සැක කෙරෙන අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි (1) සංජීව මහනාම පරිහරණය කළ පිස්තෝලය සහ වෙඩි තැබීම සිදු කළ ස්ථානයේ තිබී සොයා ගත් හිස් උණ්ඩ රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා ඊට අදාළ වාර්තාව නොපමාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

මෙහිදී වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ මෙම වෙඩි තැබීමට යොදා ගෙන ඇත්තේ අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම රාජකාරි පිස්තෝලයෙන් බවය.

මෙය උද්දික ප්‍රේමරත්න සහ සංජීව මහානාම යන දෙදෙනා සැලසුම් සහගතව සිදු කළ බවට කරුණු අනාවරණය වෙමින් පවතින බවද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනු‍ම් දුන්නේය.

එම සිද්ධියෙන් දින දෙකකට පසු සහකාර පොලිස් අධිකාරිවරයා සිය රාජකාරි පිස්තෝලය ක්‍රියාත්මක නොවන බව පවසමින් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අවි ගබඩාවට භාර දීමෙන් අනතුරුව ඔහුට වෙනත් පිස්තෝලයක් නිකුත් කර ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

එම පිස්තෝලයේ ක්‍රියාත්මක තත්ත්වය සම්බන්ධයෙන් මධ්‍යම අවි ගබඩාව මගින් පරීක්ෂා කර බැලූ බවත් පිස්තෝලය ඉතා හොඳින් ක්‍රියාත්මක වන බවට තහවුරු කර ඇති බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව ඉදිරි විමර්ශන කටයුතු සඳහා අදාළ පිස්තෝලය සිය භාරයට ගෙන විමර්ශන අරඹා වැදගත් තොරතුරු රැසක් හෙළි කර ගත් බවද පවසා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මේ වන විටත් හඳුනාගෙන ඇති බවද පැවැසීය.

ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් නොකරන්නේ ඇයිදැයි විමසූ විට ඊට ප්‍රතිචාර දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කියා සිටියේ පිස්තෝලය සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාව ලද විගස සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවයි.

පිස්තෝලය සිය භාරයට ගැනීමත් සමග සහකාර පොලිස් අධිකාරිවරයා ඉකුත් 12 වැනිදා රාත්‍රියේ මැලේසියාවට පිටත්ව ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

ඔහු එසේ මැලේසියාවට ගොස් ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තුවෙන් කිසිදු අවසරයක් ලබා නොගෙන සිය රාජකාරි පිස්තෝලය කටුනායක ගුවන් තොටුපෙලේදී වෙනත් පුද්ගලයකුට භාරදීමෙන් පසුවය.

එසේ රාජකාරි පිස්තෝලය අන්සතු කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවත් ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන් විශේෂ විමර්ශනයක් අරඹා ඇති බවත් ඔහු කීවේය.

පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න ගමන් ගත් මෝටර් රථයට අනුරාධපුරයේ පිහිටි ඔහුට අයත් නිවස ආසන්නයේදී වෙඩි ප්‍රහාර දෙකක් එල්ල වූයේ 2023 සැප්තැම්බර් මස 17 වැනි දිනය.

මෙම වෙඩි තැබීමට අදාළව අධිකරණ නියෝග මත රජයේ රස පරික්ෂකවරයා වෙත යවා ඇති සීසීටීවී කැමරා සංඛ්‍යාව 11 කි.

ඒ කිසිදු කැමරාවක අදාළ වෙඩි තැබීම සටහන්ව නොමැති බව විමර්ශනවලදී හෙළිව තිබේ.

හිටපු මන්ත්‍රිවරයාගේ ආරක්ෂාවට යොදවා සිටි ප්‍රභූ ආරක්ෂක අංශයට අනුයුක්ත පොලිස් නිලධාරීන් දෙදෙනාට නිකුත් කර ඇති පැති අවි දෙකින් (පිස්තෝල දෙකෙන්) වෙඩි ප්‍රාහාර එල්ල කර ඇද්ද? යන්න අනාවරණ කර ගැනීම සඳහා එම පිස්තෝල දෙකද රජයේ රස පරීක්ෂකවරයා වෙත මීට පෙර යවා තිබුණි.

(අරුණ)

පුවත්

දින 9කදී ලංගම ආදායම රු. මිලියන 1,300 පන්නයි

Published

on

By

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු උදාවත් සමග ගම් බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට විශේෂ බස් රථ තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන මණ්ඩලයේ ගමනාගමන කළමනාකරු එච්. පියතිලක මහතා පවසයි.

ඔහු පැවසුවේ මේ වන විටත් අඛණ්ඩව පැය 24 පුරා ක්‍රියාත්මක වන බස් සේවාවක් ක්‍රියාත්මක වන බවය.

විශේෂයෙන් මහනුවර සිරි දළදා වන්දනාව සඳහා සහභාගී වන සැදැවතුන් වෙනුවෙන් ද විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක කර ඇතැයිද පැවසු ඒ මහතා පැවසුවේ ඒ අනුව මහනුවර – කොළඹ මාර්ගය සඳහා මේ වන විට ලංගම බස් රථ 150කට ආසන්න සංඛ්‍යාවක්ද යොදවා ඇති බවය.

එමෙන්ම පසුගිය 10 වැනිදා සිට ඊයේ (19) දිනය දක්වා වන විට ජාතික ගමනා ගමන මණ්ඩලය රුපියල් මිලියන 1,300කට ආසන්න ප්‍රමාණයක් උපයා ඇතැයිද එළැඹෙන දින කිහිපයේදී මෙම ආදායම තවදුරටත් ඉහළ යා හැකි බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව CIDයට

Published

on

By

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව හා ලේඛන ඇතුළත් වෙළුම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලදී.

ඒ අනුව ජනාධිපති ලේකම් – නන්දික සනත් කුමානායක මහතා විසින් අදාළ වාර්තාව ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට පියවර ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

Continue Reading

පුවත්

ඩෙංගු – චිකන්ගුන්‍යා ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක්

Published

on

By

මේ දිනවල පවතින වර්ෂාවත් සමග ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ සම්බන්ධව අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ ඩෙංගු රෝගය ව්‍යාප්ත කරනු ලබන මදුරුවන් හරහා චිකන් ගුන්‍යා රෝගය ද ව්‍යාප්ත වන බවය.

ඔහු පැවසුවේ දීර්ඝ සති අන්ත නිවාඩුව සහ පාසල් නිවාඩුව හේතුවෙන් බොහෝ පිරිස් විනෝද චාරිකා ගොස් ඇති බවත් මේ හේතුවෙන් නිවාස සහ අවට පරිසරය පිරිසිදු කර ගැනීමේ හැකියාව මග හැරී ගොස් ඇති බවය.

මේ හේතුවෙන් මදුරුවන් බෝවන ස්ථාන පිරිසිදු කිරීමේ හැකියාවක් ලැබී නොමැති බැවින් මදුරුවන් බෝ වන ස්ථාන වැඩි වී ඇතැයිද ඔහු පැවසීය.

ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝග පතුරුවනු ලබන්නේ එකම මදුරුවෙකු විසින් බව පෙන්වා දුන් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ මේ හේතුවෙන් අවට පරිසරය නිරන්තර පිරිසිදු කරගනිමින් මදුරුවන් බෝවිම වළක්වා ගන්නා ලෙස ජනතාව දැනුවත් කරන බවය.

(අරුණ)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved