පුවත්

රාගම රෝහලේ මරණයත් මතහේදාත්මක “Co-Amoxiclav” නිසාදැයි සැකයක් !

Published

on

රාගම ශික්ෂණ රෝහලේ 21 වැනි වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගයකුට එන්නතක් ලබාදීමත් සමඟ පෙරේදා (27) හදිස්සියේ මියයාමේ සිද්ධියක් වාර්තා වේ.

මෙසේ මියගොස් ඇත්තේ කන්දකැටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 50 හැවිරිදි අයෙකි.

ඔහු කනේ කැක්කුමක් සම්බන්ධයෙන් බෙහෙත් ගැනීමට රෝහල්ගතව ඇති බවද පැවසේ.

මියගිය අයට මතභේදාත්මක කො-ඇමොක්සික්ලෙව් (Co-Amoxiclav) එන්නතක් ලබාදීමෙන් පසුව මෙසේ මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

අදාළ රෝගියාට එම එන්නත ඊට පෙර 11 වතාවක් එන්නත් කර ඇති අතර 12 වැනි වර එය එන්නත් කිරීමත් සමඟ ඔහු මියගිය බව අදාළ එන්නත එන්නත් කළ හෙදිය සිය වාර්තා වේ සටහන් කර ඇති බව වාර්තා වේ.

කෙසේවුද, එම එන්නත නිර්දේශ කරන ලද වෛද්‍යවරයා සිය වාර්තා වේ සටහන් කර ඇත්තේ මේ රෝගියා මියගොස් ඇත්තේ කො-ඇමොක්සික්ලෙව් (Co-Amoxiclav) එන්නත් කර ටික වේලාවකට පසුව බවයි.

හොරණ පිහිටි නවෙස්ටා ෆාමර්සූටිකල් පුද්ගලික සමාගම (Navesta Pharmaceuticals (Pvt) විසින් කො-ඇමොක්සික්ලෙව් (Co-Amoxiclav) එන්නත් කුප්පි නිපදවීම සිදු කරනු ලබන අතර මීට පෙර මෙම ‍එන්නත අසාත්මික වී තිදෙනෙකු මියගොස් තිබේ.

ඒ සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ලෙස මහාචාර්ය එස්.ඩී. ජයරත්න මහතා කටයුතු කරන අවස්ථාවේදී 2023-08-08 වැනිදා මාධ්‍ය නිවේදනයක්ද නිකුත් කර තිබිණි.

එය පහත දැක්වේ.

මේ අතර, රාගම රෝගියාගේ මරණය සම්බන්ධයෙන් සමස්ත ලංකා හෙද සංගමයේ ලේකම් එස්.බී. මැදිවත්ත මහතා ශ්‍රී ලංකා මිරර් සමඟ කියා සිටියේ මේ මරණයට හේතුව කො-ඇමොක්සික්ලෙව් (Co-Amoxiclav) එන්නත බවට සැකකරණ බවයි.

කෙසේවුවද, මෙම එන්නත මීට පෙර සෞඛ්‍ය අංශ විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශිත පර්යේෂණ ආයතනයකට යවා වාර්තාවක් ලබාගෙන ඇති අතර එහිදී එම එන්නත සම්බන්ධයෙන් දෝෂයක් මතුව නැතැයි ද පැවසේ.

අදාළ වාර්තාවෙන් පසුව ද එම එන්නත සම්බන්ධ පරික්ෂාවක් සිදු කිරීමට ඔස්ට්‍ර්ලියාවේ පර්යේෂණ ආයතනයකට යවා ඇති අතර එහි ප්‍රතිඵල පසුගිය 22 වැනිදා ලැබීමට නියමිතව තිබිණ ද එය මෙතෙක් ලැබී නැතැයි ද වාර්තා වේ.

සබැඳි පුවත්
ප්‍රතිජීවක එන්නතක් අසාත්මික වී ගම්පහ රෝහලේ රෝගියෙක් මියයයි 

Trending

Exit mobile version