අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව තිබු රාජපක්ෂ සමයේ දී සිදු වූ අපරාධයක් සම්බන්ධයෙන් වූ ලිපි ගොනු අස්ථානගත වීමක් පිළිබඳ මේ වන විට තොරතුරු වාර්තා වේ.
මාධ්‍යවේදී පෝද්දල ජයන්ත මහතා පැහැරගෙන ගොස් අමානුෂික වද බන්ධනයන්ට ලක් කොට බරපතල තුවාල සිදුකිරීමට අදාළ පරීක්ෂණයේ වැදගත් ලිපි ගොනු කිහිපයක් මෙලෙස අතුරුදන් වී ඇති බවට හෙළිව තිබේ.
ඒ පොද්දල ජයන්ත මහතා විසින් නැවත වතාවක් තමන්ට එරෙහිව සිදුවූ අපරාධය සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණ ප්‍රගතිය විමසමින් ඊට අදාළව ප්‍රකාශයක් ලබා දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිය අවස්ථාවේදීය.
එහිදී ඔහු මුහුණ දුන් අත්දැකීම අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් හෙළිකර තිබුණි.
දේශපාලන සරණාගත භාවය ලැබ මේ වනවිට ඇමරිකාවේ පදිංචිව සිටින ජයන්ත මහතා මීට පෙර 2017 වසරේ දී ද ශ්‍රී ලංකාවට පැමිණ තමන්ට එල්ලවූ ප්‍රහාරය පිළිබඳ තොරතුරු ලබා දී තිබේ.
2009 වසරේ තමන්ට එල්ල වූ ප්‍රහාරය පිළිබඳ 2017 වසර වන විට පවා නිසි පරීක්ෂණ සිදුව නොතිබුණු බව ඔහු පවසා සිටියේය.
එමෙන්ම රට තුළ සිදුවූ සාපරාධී ක්‍රියා රැසක් සම්බන්ධ සාක්ෂි මේ වන විට විනාශ වීමේ අවධානමක් පවතින බවද ඔහු මෙම සාකච්ඡාවේදී හෙළිකර සිටියේය.
වීඩියෝ – Mee Massoo TV