Connect with us

පුවත්

රාජපක්ෂ සමයේ අපරාධයක තොරතුරු අතුරුදන් (වීඩියෝ)

Published

on

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව තිබු රාජපක්ෂ සමයේ දී සිදු වූ අපරාධයක් සම්බන්ධයෙන් වූ ලිපි ගොනු අස්ථානගත වීමක් පිළිබඳ මේ වන විට තොරතුරු වාර්තා වේ.

මාධ්‍යවේදී පෝද්දල ජයන්ත මහතා පැහැරගෙන ගොස් අමානුෂික වද බන්ධනයන්ට ලක් කොට බරපතල තුවාල සිදුකිරීමට අදාළ පරීක්ෂණයේ වැදගත් ලිපි ගොනු කිහිපයක් මෙලෙස අතුරුදන් වී ඇති බවට හෙළිව තිබේ.

ඒ පොද්දල ජයන්ත මහතා විසින් නැවත වතාවක් තමන්ට එරෙහිව සිදුවූ අපරාධය සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණ ප්‍රගතිය විමසමින් ඊට අදාළව ප්‍රකාශයක් ලබා දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිය අවස්ථාවේදීය.

එහිදී ඔහු මුහුණ දුන් අත්දැකීම අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් හෙළිකර තිබුණි.

දේශපාලන සරණාගත භාවය ලැබ මේ වනවිට ඇමරිකාවේ පදිංචිව සිටින ජයන්ත මහතා මීට පෙර 2017 වසරේ දී ද ශ්‍රී ලංකාවට පැමිණ තමන්ට එල්ලවූ ප්‍රහාරය පිළිබඳ තොරතුරු ලබා දී තිබේ.

2009 වසරේ තමන්ට එල්ල වූ ප්‍රහාරය පිළිබඳ 2017 වසර වන විට පවා නිසි පරීක්ෂණ සිදුව නොතිබුණු බව ඔහු පවසා සිටියේය.

එමෙන්ම රට තුළ සිදුවූ සාපරාධී ක්‍රියා රැසක් සම්බන්ධ සාක්ෂි මේ වන විට විනාශ වීමේ අවධානමක් පවතින බවද ඔහු මෙම සාකච්ඡාවේදී හෙළිකර සිටියේය.

වීඩියෝ  –  Mee Massoo TV

පුවත්

මාලිමා මන්ත්‍රීන් දෙදෙනෙක් පැහැරගෙන (වීඩියෝ)

Published

on

By

වැලිගම ප්‍රදේශීය සභාවේ උණුසුම් තත්ත්වයක් මතුව ඇති බව වාර්තා වේ.

අද (27) දින වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත් කර ගැනීමේ ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතව තිබූ අතර එයට පැමිණෙමින් සිටි මාලිමාවේ මන්ත්‍රීවරු දෙදෙනකු පැහැරගෙන ගොස් අතුරුදහන් කර තිබීම මෙම උණුසුම් තත්ත්වය මතුකිරීමට හේතු වී තිබේ.

මේ වන විට සභාව පැවැත්වීමට ඉඩ නොදෙන තත්ත්වයක් උද්ගතව ඇති බව සඳහන්ය.

මාලිමාවේ මන්ත්‍රීවරුන් දෙදෙනා රැගෙන පැමිණියහොත් පමණක් සභාවේ කටයුතු ආරම්භ කිරීමට යෝජනා වී තිබේ.

Continue Reading

පුවත්

ජපුර බාහිර උපාධි ගැටලුවලට රජයෙන් විසඳුම් ඉල්ලයි

Published

on

By

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකයේ අධ්‍යයන කටයුතු ද තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වේ.

පසුගිය 24වනදා දින සිට ක්‍රියාත්මක වන පරිදි එම ඒකකය විසින් පවත්වනු ලබන බාහිර උපාධි පාඨමාලා සම්මන්ත්‍රණ සහ ලියාපදිංචි කටයුතු මෙලෙස අත්හිටුවා තිබේ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී එම විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමියෝ පවසා සිටියේ, පවතින ගැටලු කඩිනමින් නිරාකරණය කර ගැනීමෙන් අනතුරුව අධ්‍යයන කටයුතු යළි ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි.

කෙසේ වෙතත් බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකයේ අධ්‍යන කටයුතු ආරම්භ කිරීමට නම් රජය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මැදිහත් වී ගැටළුවලට විසදුම් ලබාදිය යුතු බව උන් වහන්සේ පවසයි.

ඊයේ (26) මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව පැවසූහ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර පාඨමාලා අධ්‍යයන අංශයේ මූල්‍ය පාඨමාලා අධ්‍යයන අංශයේ මූල්‍ය අක්‍රමිකතා රැසක් පිලිබදව පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවේදී පසුගියදා අනාවරණය වී තිබුණි.

ඒ එම විශ්වවිද්‍යාලයීය පාලනාධිකාරිය කෝප් කමිටුව හමුවට පසුගියදා කැඳවු අවස්ථාවේය.

එහිදී වැඩබලන විගණකාධිපති ජී.එච්.ඩී ධර්මපාල මහතා පැවසුවේ, බාහිර පාඨමාලා අධ්‍යයන අංශයේ සිදුව ඇති අක්‍රමිකතා හේතුවෙන් සියලු වැයබර දැරීමට සිදුව ඇත්තේ සිසුන්ට බවය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

පෝට් සිටි මුහුදේ සරසවි සිසුවෙක් අතුරුදන්  

Published

on

By

කොළඹ වරාය නගරයේ කෘත්‍රීම වෙරළ තීරය අයත් මුහුදේ පිහිනමින් සිටි සරසවි සිසුන් අතරින් තරුණයෙකු අතුරුදහන් වී තිබේ.

ඒ පිළිබඳව කොළඹ වරාය පොලීසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.

අතුරුදහන් වූ පුද්ගලයා වයස අවුරුදු 24ක් වන අස්ගිරිය, ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

කොළඹ විශ්වවිද්‍යාලයේ හා මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් ඊයේ (26) උදෑසන කාලයේ විනෝදාංශයක් ලෙස ස්නෝකල් පැළැඳ මුහුදේ පිහිනමින් මුහුදු පතුල නීරීක්ෂණ කරමින් සිටියදී එක් සිසුවෙකු මෙලෙස අතුරුදහන්වී තිබේ.

පසුව ඔහු පැළැඳ සිටි ස්නෝකලය ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

අතුරුදන් වූ පුද්ගලයා සොයා කොළඹ වරාය පොලීසිය, නාවික කොට්ඨාසයේ කිමිඳුම්කරුවන්, රංගල නාවික හමුදා කිමිඳුම්කරුවන් ඒකාබද්ධව මෙහෙයුම් දියත් කර ඇති අතර, කොළඹ වරාය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved