අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කළ රාජාංගණයේ සද්ධාරතන හිමියන්ගේ බැංකු ගිණුම් සම්බන්ධව කළ විමර්ශනයකදී රුපියල් කෝටි අටක මුදලක් ගෝතමාලාවේ බැංකු ගිණුමකින් මෙරටට එවා ඇතැයි ද වාර්තා වේ.
ගෝතමාලාවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙම මුදල් එවීම පසුපස සිටීද යන්න පිළිබඳව සොයා බැලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන අරඹා තිබේ.
එංගලන්තයේ සිටින පින්සිරි නමැති අයකු විහාරස්ථානය සංවර්ධනයට රුපියල් කෝටි අටක් එවා ඇතැයි මූලික විමර්ශනවලදී හෙළිව තිබේ.
ටෙලි නළුවකු මෙම මුදල් ගනුදෙනුව පසුපස සිටින බවද හෙළි වී ඇත.
එම තොරතුරුවලට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් රාජාංගණයට ගොස් විහාරස්ථානය සංවර්ධනයක් සිදුකර ඇත්දැයි සොයා බලා ඇත.
එහිදී රුපියල් ලක්ෂ පනහක මුදලක්වත් විහාරස්ථානයේ සංවර්ධනයට යොදවා නොමැති බව හෙළි වී ඇත.
මෙම හිමියන් අනුරාධපුරයේ බැංකුවල ඇති ගිණුම් දෙකකින් රුපියල් පන්දහසේ නෝට්ටුවලින් රුපියල් ලක්ෂ අටක් ගෙන ගම්වාසීන්ට බෙදා දී ඇතැයි හෙළි වී තිබේ.
මෙම මුදල් ගනුදෙනු රාජාංගණයේ සද්ධාරතන හිමියන් හා ප්‍රසිද්ධ ටෙලි නළුවා එක්ව කර ඇතැයි අනාවරණය වී ඇත.
මෙම මුදල් ගෝතමාලාවේ සිට එවා ඇත්තේ කවුරුන්ද යන්න සෙවීමට වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.
ආගමික සහජීවනයට බාධාවන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීම හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මවට අසභ්‍ය වචනයෙන් බැණවැදීම යන චෝදනා මත සද්ධාරතන හිමියන් අත්අඩංගුවට ගත්තේ ඉකුත් මස 28 වැනිදාය.
මූලාශ්‍රය – අරුණ