පුවත්

රාජිතගේ “අපට ඇරල ගිහින්” මැකෝ ළඟට යයි

Published

on

“එන්න එපා තොපි එකෙක්වත් රට ඉඳන්, අනුරට ඡන්දේ දෙන්න, අපිට ඇරලා ගිහින් තමුසෙලා කකා බිබී ඉන්න” යනුවෙන් ඡන්දදායකයන්ට තර්ජනාත්මක ප්‍රකාශයක් කරමින් මැතිවරණ නීති උල්ලංඝනය කළ බවට චෝදනාකරමින් කළුතර දිස්ත්‍රික් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට එරෙහිව ජාතික ජන බලවේගයේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිල්ලක් කර තිබේ.

ඔහු සිය පැමිණිල්ලෙන් පෙන්වා දී ඇත්තේ රාජිතගේ අදාළ ප්‍රකාශයෙන් 1981 අංක 15 දරණ ජනපතිවරයා තෝරා පත්කර ගැනීම පිළිබඳ පනතෙහි iv කොටසෙහි 78 (1) වගන්තිය උල්ලංඝනය කරමින් අයුතු බලපෑම් සිදු කිරීමක් බවයි.

ඔහු විසින් මැතිවරණ කොමසාරිස්වරයාට ගොනු කළ පැමිණිල්ල පහත දැක්වේ.

Trending

Exit mobile version