හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් වන රාජිත සේනාරත්න හා විදුර වික්රමනායක යන මහත්වරුන්ට කළුතර දිස්ත‍්‍රික් මැතිවරණ කාර්යාලය අසලදී පුද්ගලයෙකු විසින් දැඩි විරෝධයක් පළ කර තිබේ.
ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මෙවර නාම යෝජනා ලබාදීමට පොරොන්දු වී අපේක්ෂකත්වය ලබා නොදුන් පුද්ගලයෙකුගෙන් මෙලෙස විරෝධය එල්ල වී ඇති බව සඳහන්ය.
රාජිත සේනාරත්න හා විදුර වික්රමනායක යන අය එකතු වී තමාගේ නම කපා හැරීමට කටයුතු කළ බවට චෝදනා කරමින් ඔහු එහිදී බැන වැදී තිබුණි.
කළුතර දිස්ත්‍රික්කය සඳහා දේශපාලන පක්ෂ ඇතුළු ස්වාධීන කණ්ඩායම් ඊයේ (11) නාම යෝජනා භාර දුන් අතර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ ගෑස් සිලින්ඩරය ලකුණින් නාම යෝජනා ලයිස්තුව භාර දීම කණ්ඩායම් නායක රාජිත සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.