ව්‍යාපාරික අලි රාජා සුභාෂ්කරන්ගේ මුදල් ආයෝජනයක් සහිත පුවත්පතක් ලබන 11 වැනිදා සිට එළිදැක්වීමට නියමිත බව වාර්තා වේ.
එය ස්වර්ණවාහිනී රූපවාහිනී නාලිකාව නඩත්තු කරනු ලබන බෙන් හෝල්ඩිංග්ස් විසින් මුද්‍රණය කර බෙදාහැරීමට නියමිත බව වාර්තා වේ.
එම පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා ලෙස ඉරිදා ලංකාදීප හිටපු ප්‍රධාන කර්තෘ, ප්‍රවීණ මාධ්‍යවේදී ආරියනන්ද දොඹගහවත්ත මහතා කටයුතු කරන බව වාර්තා වේ.
මේවන විට වත්මන් ආණ්ඩුවේ ප්‍රධානම විදෙස් ආයෝජකයකු බවට පත්ව සිටින සුභාෂ්කරන් මහතා ස්වර්ණවාහිනිය ඇතුළු රූපවාහිනී නාලිකා දෙකක් හා ගුවන් විදුලි නාලිකා 3ක් ඇතුළත් ඊ.බී.සී. නොහොත් ඊඒපී බ්‍රෝඩ්කාසිටින් නෙට්වර්ක් ආයතනය, ස්කයි මීඩියා නෙට්වර්ක්ස් ට අයත් සිත රූපවාහිනී නාලිකා 2ක හා ගුවන් විදුලි නාලිකා 3 මෙන්ම මැක්ස් බ්‍රෝඩ්කාසිටින් නෙට්වර්ක්ස්ට අයත් රූපවාහිනී නාලිකාව හා ගුවන් විදුලි නාලිකාව ඇතුළු මාධ්‍ය ජාලයන්හි අවසන් හිමිකරු බවට පත්ව සිටී.
ඔහු යාපනයෙන් දේශපාලනයට පිවිසීමට ද උත්සාහයක් ඇති බවට මාධ්‍ය වාර්තා පැතිර ඇති අතර, ඒ මහතාගේ ලයිකා ආයතනයට ප්‍රංශයේදී මුදල් විශුද්ධිකරණය යටතේ චෝදනාද එල්ලව එහි සේවකයන් වරදකරුවන් බවට පත්ව තිබිණි.
සබැඳි පුවත්
ETI දේපල විකුණා ඇත්තේ නීතියට පිටින්: ස්වර්ණවාහිනී ඩීල් එකත් ප්‍රශ්නගතයි
ලයිකා හා ප්‍රසාද්‌ගේ ඩීල් එක අගමැති කැබිනට්ටුවේදී කුඩුකරයි
ටෙලිකොම් ගන්න ඉන්න අලි රාජා ජනපතිව ලන්ඩනයේදී මුණගැහෙයි!