Connect with us

පුවත්

රුසියාව ගෝලීය වේදිකාවේ හුදකලා වෙලා නෑ – රනිල් (විඩියෝ)

Published

on

රුසියාව ජාත්‍යන්තර වේදිකාවේ හුදකලා වී නොමැති බව තමා සිතන බවත් රුසියාව ආසියානු කලාපයේ ජාතීන් සමඟ අඛණ්ඩව අන්තර් ක්‍රියා කරන බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඔහු මේ බව පවසා සිටියේ ශාන්ත පීටර්ස්බර්ග් හි පැවති වැල්ඩායි සාකච්ඡාවට සම්බන්ධ වී සිටන අතරදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මේ අතර, බ්‍රික්ස් සමූහයේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළ වික්‍රමසිංහ මහතා, මෙහි නැගී එන ගෝලීය වැදගත්කම හඳුනාගනිමින් සිය ජනාධිපති ධුර කාලය තුළ බ්‍රික්ස් සාමාජිකත්වය සඳහා අයදුම්පතක් ඉදිරිපත් කළ බවද පැවසීය.

නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරය බිඳවැටීමෙන් පසු, බටහිර සංවර්ධිත ලෝකයේ කොටසක් නොවන ශ්‍රී ලංකාව වැනි රටවල් සඳහා බ්‍රික්ස් සමූහය වැදගත් වේදිකාවක් බවද ඔහු පෙන්වා දුන්නේය.

පුවත්

පහේ ශිෂ්‍යත්ව විභාගය ගැන නියෝජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්

Published

on

By

පහ වසර ශිෂ්‍යත්ව විභාගය එක්වරම අත්හිටුවීමට කටයුතු නොකරන බව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පැවසීය.

ඒ අනුව 2029 වසර සඳහා ශිෂ්‍යත්ව විභාගය නොවෙනස්ව පැවැත්වීමට රජය තීරණය කර ඇති බව ද ඒ මහතා සඳහන් කර සිටියේය.

2029 වසරෙන් පසුව ශිෂ්‍යත්වය පැවැත්වීම සම්බන්ධයෙන් 2028 වසරේ දී සලකා බැලීම සඳහා කමිටුවක් පත්කිරීමට නියමිතව ඇතැයි ද වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පැවසීය.

අද (20) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් අසන ලද පැනයකට පිළිතුරු යොමු කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

විභාග පීඩනය අඩු කිරීමට මේ වනවිටත් විභාග දෙපාර්තමේන්තුව සැලැස්මක් සකස් කරමින් පවතින බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම දැනට පාසල් අතර ඇති විෂමතාවයන් ක්‍රමානුකූලව නැති කිරීමට හා ශිෂ්‍යත්වය මඟින් දරුවන්ට ඇති වන පීඩනය අඩු කිරීමට ඉදිරියේ දී කටයුතු කරන බව ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Continue Reading

පුවත්

සමන් දේවාලයේ නිලවරණයට එරෙහි පෙත්සම ඉල්ලා අස්කර ගනී

Published

on

By

සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරාගැනීම සඳහා වන නිලවරණය පැවැත්වීම අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමේ සිද්ධියට අදාළ පෙත්සම අභියාචනාධිකරණය වෙතින් අද (20) ඉල්ලා අස්කරගෙන තිබේ.

මෙම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරු සඳහන් කර සිටියේ, මෙම නඩුකරය හේතුවෙන් සමන් දේවාලය පෙරහැර කටයුතුවල ප්‍රමාදයක් ඇතිවන හෙයින් මහජන සුභසාධනය සැලකිල්ලට ගෙන අදාළ පෙත්සම ඉල්ලා අස්කරගැනීමට අවසර දෙන ලෙසයි.

ඒ අනුව අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට විනිසුරුවරයා අවසර ලබා දුන්නේය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

හල්ලොලුවට ඇප

Published

on

By

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතාට ඇප හිමිව තිබේ.

ඔහු කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද (20) ඉදිරිපත්කළ අවස්ථාවේදී රුපියල් ලක්ෂ 2ක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැර ඇත.

ඔහුට අධිකරණය විසින් විදේශ ගමන් තහනමක් පනවා තිබේ.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved