ඊයේ රාත්‍රියේ ඇති වූ සිදුවීමක් හේතුවෙන් රුහුණු විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨය අද සිට සතියක කාලයක් සඳහා වසා දමා තිබේ.
ඒ අනුව, අද (27) ප.ව. 2.00ට පෙර විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් පිටවන ලෙසට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් සිසුන්ට දන්වා තිබුණි.
ඊයේ රාත්‍රියේ එම විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර ආශ්‍රිතව ඇතිවූ ඝෝෂාකාරී ශබ්දයක් ගැන ප්‍රදේශවාසීන්ගෙන් ලද පැමිණිල්ලකට අනුව තොරතුරු සොයාබැලීම සඳහා එහි පාලකවරයා එම ස්ථානයට ගොස් ඇති බවත්, ඔහු යළි සිය නවාතැන වෙත පැමිණි අවස්ථාවේදී එහි පැමිණි සිසුන් පිරිසක් විසින් ඔහුගේ බිරිඳට සහ මවට පහරදී ඇති බවට වාර්තා වේ.
පහරදීමෙන් තුවාල ලැබූ පාලකවරයාගේ බිරිඳ සහ මව ආඳපාන මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත.