පුවත්

රූපවාහිනියට ප්‍රසාද්; ලේක්හවුස් ඒකට කාරියවසම්; දෙන්නම බන්දුලගේ යාළුවෝ

Published

on

රජයේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක්හවුස්) හා ජාතික රූපවාහිනිය යන රාජ්‍ය මාධ්‍ය නාළිකා දෙකෙහි සභාපතිවරුන් ඉල්ලා අස්වී ඇති අතර ඒ වෙනුවට අලුත් සභාපතිවරු දෙදෙනෙකු පත් කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

එම ආරංචි මාර්ගවලට අනුව එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති ලෙස කටයුතු කළ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනුෂ පැල්පිට මහතා සිය ඉල්ලා අස්වීමේ ලියුම ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වෙත යොමුකර ඇති අතර ජාතික රූපවාහිනී සභාපති ඩබ්ලිව්. බී. ගනේගල මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ (28) දින බාරදී ඇතැයි ද වාර්තා වේ.

 ජාතික රූපවාහිනි සභාපති ලෙස ලංකාබෙල් ආයතනයේ විධායක අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ප්‍රසාද් සමරසිංහ මහතා සහ ලේක්හවුස් ආයතනයේ සභාපති ලෙස
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගණකාධිකරණ අංශයේ හිටපු ප්‍රධානී මහා­චාර්ය හරේන්ද්‍ර කාරියවසම් මහතා පත්කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

ඔවුන් දෙදෙනාම බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාගේ සමීප මිතුරන් බවද වාර්තා වේ.

මූලාශ්‍රය – ද ලීඩර්

සබැදි පුවත්

අසංග ජයලත් රූපවාහිනී අධ්‍යක්ෂ ජනරාල් ධූරයට!

ටීවී රේටිං ක්‍රමය අක්‍රමවත් හා පක්ෂාග්‍රාහියි – අනූෂ පැල්පිට

රූපවාහිනියෙන් අජන්ත එළියට: නිපුන ඇතුළට

ඩොලර් එක නහුතෙට නැග්ගට රූපවාහිනියේ යූටියුබ් ආදායම එතනමයි!

Trending

Exit mobile version