පුවත්

රූපවාහිනියේ අලුත් සභාපති වැඩ භාර ගනී

Published

on

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ගිහාන් ද සිල්වා අද (26) දින වැඩ භාරගෙන තිබේ.

හිටපු සභාපති සෙනේෂ් බණ්ඩාර දිසානායක මහතාගේ ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා ජනමාධ්‍ය හා සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස මහතා විසින් මෙම පත්කිරීම සිදු කරන ලදී.

ගිහාන් ද සිල්වා මහතා ශ්‍රී ලංකාවේ බහු සන්නාම ආයතනික මෙහෙයුම් පිලිබද වසර 25 කට වැඩි පළපුරුද්දක් ඇති දක්ෂ ව්‍යාපාරික වෘත්තිකයෙකි.

එමෙන්ම, කොළඹ, නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ද සිල්වා මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් සහ කොළඹ විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ලබා තිබේ.

ගිහාන් ද සිල්වා තම ආයතනික සාර්ථකත්වයට අමතරව ජාතික සංවර්ධනය සහ තිරසාරභාවය සඳහා වන නව රජයේ ප්‍රමුඛ වැඩපිළිවෙළක් වන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයෙකු ලෙසද කටයුතු කරයි.

Trending

Exit mobile version