Connect with us

පුවත්

රේගුවේ අකුරට වැඩෙන් බිලියන 3ක පාඩුවත් රටටමයි

Published

on

රේගු නිලධාරින් ඊයේ (15) දිනයේ ආරම්භ කරන ලද “අකුරට වැඩ කිරීමේ“ වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් රේගුවට රුපියල් බිලියන තුනක පමණ පාඩුවක් සිදුවී ඇතැයි අනාවරණය වේ.

රේගුවේ ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ නිලධාරිහු 950 කට වැඩි පිරිසක් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයේ නිරත වී සිටිති. සහකාර රේගු අධිකාරිවරු, නියෝජ්‍ය රේගු අධිකාරිවරු, රේගු අධිකාරිවරු, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරු, රේගු අධ්‍යක්ෂවරු මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට සම්බන්ධ වී සිටිති.

රේගුව විසින් වරායේ බහාලුම් 1500 ත් 2000 ත් අතර බහාලුම් ප්‍රමාණයක් නිෂ්කාශනය කරනු ලැබූවත්, වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් ඊයේ (15 වැනිදා) දිනයේ නිෂ්කාශනය කරනු ලැබුවේ බහාලුම් 400 ත් 500 ත් අතර ප්‍රමාණයක් පමණි. මෙම බහාලුම් අතර වැඩි ප්‍රමාණයක් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඖෂධ ආදිය වේ.

ඉකුත් 2020 වසරේ පෙබරවාරි මස 13 වැනිදා සිට නැවතී තිබෙන උසස්වීම් පටිපාටිය නැවත ක්‍රියාත්මක කිරීම, සියයට 50 ක්ව පවතින රේගු නිලධාරින්ගේ හිඟය පියවීමට කඩිනමින් බඳවා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීම, අනීතිකව බඳවාගෙන සිටින “සංවර්ධන නිලධාරින්“ 13 දෙනා වහාම ඉවත් කර ඔවුන් මීට පෙර සේවය කළ දෙපාර්තමේන්තු වෙත යොමු කිරීම, දැනට අකාර්යක්ෂම ලෙස කටයුතු කරන මානව සම්පත් අංශයේ ප්‍රධානියා එම කටයුතුවලින් ඉවත් කිරීම සහ රේගු නිලධාරින්ගේ අතිකාල සහ ත්‍යාග මුදල් ගෙවීම සඳහා රේගු අධ්‍යක්ෂ ජනරාල් යටතේ පවතින “විශේෂ” ගිණුම මහා භාණ්ඩාගාරයට පවරා ගැනීම යන ඉල්ලීම් මුල්කරගනිමින් රේගු නිලධාරින් විසින් ඊයේ (15 වැනිදා) පෙරවරු 9 සිට අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ග ආරම්භ කළේය.

මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් රේගු නිලධාරින්ගේ සංගමයේ සභාපති අමිල සංජීවගෙන් කරන ලද විමසීමකදී කියා සිටියේ මුදල් අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරිය හමුවී ඇයට සිය ඉල්ලීම් ඊයේ (15) දිනයේදී ඉදිරිපත් කිරීමට කටයුතු කළ බවය. 

ඒ අනුව, එම ඉල්ලීම් සම්බන්ධව මහා භාණ්ඩාගාරයේදී ඊයේ සවස සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව පැවැති බවද ඔහු කීවේය. 

සිය ඉල්ලීම්වලට පිළිගත හැකි විසඳුමක් ලැබෙනතුරු අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකරන බවද සභාපතිවරයා පැවසුවේය.

රටේ ආර්ථිකයට සහ මහජනතාවට සිදුවන පීඩා අවම කිරීම සඳහා මහජනතාවට ඝෘජුව සේවා සපයන ස්ථානවල අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක නොකරන බවත්, ඒ අනුව ගුවන් තොටුපොළ, තැපෑල, විදෙස් රටවලින් ගුවන් භාණ්ඩ එවා බෙදාහරින ස්ථානවල වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක නොකරන බවත් ඔහු කියා සිටියේය.

එමෙන්ම, භාණ්ඩ අපනයන අංශය තුළද මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක නොකරන බවද ඔහු කීවේය.

කෙසේ නමුත්, රේගු නිලධාරීන් විසින් අරඹා තිබූ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් බහාලුම් නිෂ්කාශන කටයුතුවලට දැඩි බලපෑමක් එල්ල වී තිබිණි. 

දිනකට රේගු නිලධාරින් බහාලුම් 1500 ත් 2000 ත් අතර සංඛ්‍යාවක් නිෂ්කාශනය කරන්නේය. නමුත්, ඊයේ දිනයේදී නිදහස් කරනු ලැබුවේ එම බහාලුම්වලින් පහෙන් එකක් වැනි ප්‍රමාණයක් පමණි.

අර්තාපල්, ළූනු, ඖෂධ සහිත බහාලුම් බාධාවකින් තොරව නිදහස් කිරීමට කටයුතු කළ බවද රේගු වෘත්තිය සමිති නියෝජිතයෝ කියා සිටිති.

මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය පිළිබඳව රේගු මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩගෙන් විමසීමේදී කියා සිටියේ කටුනායක ගුවන් තොටුපොළ මගී නිශ්කාශන කටයුතු සඳහා මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය බලපෑමක් ඇති කර නොමැති බවය.

මූලාශ්‍රය – අරුණ

පුවත්

දින 9කදී ලංගම ආදායම රු. මිලියන 1,300 පන්නයි

Published

on

By

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු උදාවත් සමග ගම් බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට විශේෂ බස් රථ තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන මණ්ඩලයේ ගමනාගමන කළමනාකරු එච්. පියතිලක මහතා පවසයි.

ඔහු පැවසුවේ මේ වන විටත් අඛණ්ඩව පැය 24 පුරා ක්‍රියාත්මක වන බස් සේවාවක් ක්‍රියාත්මක වන බවය.

විශේෂයෙන් මහනුවර සිරි දළදා වන්දනාව සඳහා සහභාගී වන සැදැවතුන් වෙනුවෙන් ද විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක කර ඇතැයිද පැවසු ඒ මහතා පැවසුවේ ඒ අනුව මහනුවර – කොළඹ මාර්ගය සඳහා මේ වන විට ලංගම බස් රථ 150කට ආසන්න සංඛ්‍යාවක්ද යොදවා ඇති බවය.

එමෙන්ම පසුගිය 10 වැනිදා සිට ඊයේ (19) දිනය දක්වා වන විට ජාතික ගමනා ගමන මණ්ඩලය රුපියල් මිලියන 1,300කට ආසන්න ප්‍රමාණයක් උපයා ඇතැයිද එළැඹෙන දින කිහිපයේදී මෙම ආදායම තවදුරටත් ඉහළ යා හැකි බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව CIDයට

Published

on

By

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව හා ලේඛන ඇතුළත් වෙළුම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලදී.

ඒ අනුව ජනාධිපති ලේකම් – නන්දික සනත් කුමානායක මහතා විසින් අදාළ වාර්තාව ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට පියවර ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

Continue Reading

පුවත්

ඩෙංගු – චිකන්ගුන්‍යා ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක්

Published

on

By

මේ දිනවල පවතින වර්ෂාවත් සමග ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ සම්බන්ධව අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ ඩෙංගු රෝගය ව්‍යාප්ත කරනු ලබන මදුරුවන් හරහා චිකන් ගුන්‍යා රෝගය ද ව්‍යාප්ත වන බවය.

ඔහු පැවසුවේ දීර්ඝ සති අන්ත නිවාඩුව සහ පාසල් නිවාඩුව හේතුවෙන් බොහෝ පිරිස් විනෝද චාරිකා ගොස් ඇති බවත් මේ හේතුවෙන් නිවාස සහ අවට පරිසරය පිරිසිදු කර ගැනීමේ හැකියාව මග හැරී ගොස් ඇති බවය.

මේ හේතුවෙන් මදුරුවන් බෝවන ස්ථාන පිරිසිදු කිරීමේ හැකියාවක් ලැබී නොමැති බැවින් මදුරුවන් බෝ වන ස්ථාන වැඩි වී ඇතැයිද ඔහු පැවසීය.

ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝග පතුරුවනු ලබන්නේ එකම මදුරුවෙකු විසින් බව පෙන්වා දුන් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ මේ හේතුවෙන් අවට පරිසරය නිරන්තර පිරිසිදු කරගනිමින් මදුරුවන් බෝවිම වළක්වා ගන්නා ලෙස ජනතාව දැනුවත් කරන බවය.

(අරුණ)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved