රේගු අධ්‍යක්ෂ ජනරාලවරයාගේ නාමය හා තනතුර වංචනිකව යොදා ගනිමින් වට්ස්ඇප් පණිවුඩ හරහා විවිධ පුද්ගලයන්ගෙන් මුදල් ඉල්ලීමේ සංවිධානාත්මක ජාවාරමක් ගැන තොරතුරු වාර්තා වී ඇතැයි අතිරේක අධ්‍යක්ෂ ජනරාල්, රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පවසයි.
“DGC Mr. Nonis” යන නමින් වූ වට්ස්ඇප් අංකයකින් බැංකු ගිනුම් අංක ද සඳහන් කරමින් සහ විවිධ හේතු දක්වමින් මෙම ඉල්ලීම් කරන බවත් මෙම වංචනික පුද්ගලයන්ගේ ක්‍රියාකලාපයන්ට හසු නොවන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඒ මහතා සඳහන් කලේය.
එවැනි ඉල්ලීමක් ලදහොත් ලඟම ඇති පොලිස් ස්ථානයට දන්වා සිටින ලෙස ඉල්ලා සිටින බව ද සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.