Connect with us

පුවත්

රෝස මල් ඉන්දියාවෙන් ගෙන්වීමෙන් මල් වගාකරුවොත් හාන්සිවෙයි

Published

on

ඉන්දියාව ඇතුළු රටවල්වලින් රෝස මල් ආනයනය කිරීම නිසා මෙරට රෝස මල් වගාකරුවන් දහසකට අධික සංඛ්‍යාවකට සිය කර්මාන්තය කරගෙන යෑමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව වාර්තා වේ.

මල් ආනයනය කිරීම සඳහා පේරාදෙණිය උද්භිද උද්‍යානයේ මල් වගා හා පර්‌යේෂණ අංශය විසින් අවසර බලපත්‍රයක් නිකුත් කරනු ලබයි. මේ වන විට එම බලපත්‍රය ඔස්සේ සහ නීති විරෝධී ලෙස හොර රහසේ ඇතැමුන් රෝස මල් ආනයනය කරන බව මල් වගාකරුවෝ පවසති.

ඇතැමුන් මල් ආනයනය කර අන්තර්ජාලය ඔස්සේ මාර්ගගත ක්‍රමයට රෝස මල් අලෙවි කිරීම සිදු කරන්නේය.

ජනවාරි සිට මැයි දක්වා වූ කාලයේදී රෝස මල් ඉල්ලුමක් පවතින අතර, අනෙකුත් මාසවලදී සාමාන්‍ය වෙළෙඳාමක් පවතින බව රෝස මල් වගාකරුවෝ කියා සිටිති. 

කෙසේවුවද, මේ වනවිට ආනයනික රෝස මල් සඳහා ඇතැමුන් විශාල වශයෙන් ඉල්ලුම් කිරීම නිසා දේශීය රෝස මල්වලට තිබෙන ඉල්ලුම ක්‍රමයෙන් අඩුවී තිබේ.

දේශීය රෝස මලක් රුපියල් 80 සිට 150 දක්වා අලෙවි කෙරෙද්දී, ආනයනික රෝස මලක් රුපියල් 250කට අලෙවි වන බවද පැවසේ.

වැලිමඩ, බණ්ඩාරවෙල, දියතලාව, හල්දුම්මුල්ල ආදී ප්‍රදේශවල වැඩි වශයෙන් රෝස මල් වගා කෙරෙන බවත්, වැඩි වශයෙන් මල් ආනයනය කිරීම නිසා මෙරට රෝස මල් වගාකරුවන් 1500ක් පමණ අසීරුතාවයට පත්ව සිටින බවත් දියතලාව යාය සුවහස් මල් සංගමයේ සභාපති සංජය නිශාන්ත ජයසිංහ මහතා කියා සිටී.

අනවසර ක්‍රම ඔස්සේ මෙරටට ආනයනය කෙරෙන රෝස මල් ප්‍රමාණය ඉහළ ගොස් තිබෙන බවත්, රෝස මල් ආනයනය අධීක්ෂණය කිරීමේදී රජය වැඩි අවධානයක් යොමුකර දේශීය මල් වගාකරුවා ආරක්ෂා කිරීමට නිසි වැඩපිළිවෙලක් සකස් කළ යුතුව ඇතැයි ද ඔහු අවධාරණය කරයි.

මූලාශ්‍රය – අරුණ

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading

ක්‍රීඩා

 තායිවාන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියෙන් නදීෂාට රිදී පදක්කමක්! 

Published

on

By

තායිවාන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (08) පස්වරුවේ පැවති කාන්තා හෙල්ල විසිකිරීම ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට නදීෂා ලේකම්ගේ සමත් වූවාය.

ඇය මීටර් 56.62ක දක්ෂතාවක් දැක්වීය.

මෙහි රන් පදක්කම ඉන්දියාවේ අන්නු රාණි විසින් දිනාගත් අතර, ඇය මීටර් 56.82ක දක්ෂතාවක් දැක්වූවාය.

මීට පෙර එම තරගාවලියේ මීටර් 100 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ චමෝද් යෝධසිංහ සමත් විය.

ඔහු තත්පර 10.38ක කාලයක් වාර්තා කරමින් එම පදක්කමට හිමිකම් කීය.

මෙහි රන් පදක්කම දිනාගැනීමට ඔස්ට්‍රේලියාවේ ජිසෙෆ් අයෝඩේ සමත් වූ අතර, ඔහු සිය ඉසව්ව තත්පර 10.34කින් අවසන් කළේය.

එමෙන්ම තත්පර 10.36කින් තරගය අවසන් කළ ජපානයේ බෲනෝ ඩෙඩේ රිදී පදකක්ම දිනාගත්තේය.

ලෝක මලල ක්‍රීඩා ‘ලෝකඩ’ කාණ්ඩයේ ශූරතාවලියක් වන මෙය තායිපේ නගරයේ දී ඊයේ (07) ආරම්භ වූ අතර, එය අද (08) අවසන් විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved