Connect with us

පුවත්

රෝහල්වල බලශක්ති සැපයුම ස්ථායීකරණයට ජපානයෙන් ප්‍රදානයක්

Published

on

ශ්‍රී ලංකාවේ ජපන් තානාපති – මිසුකොෂි හිදයකි මැතිතුමා සහ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම් කේ. ඒම්. සිරිවර්ධන මහතා, රෝහල්වල බලශක්ති සැපයුම් දුර්වලතා වැඩිදියුණු කිරීම සඳහා ජපන් යෙන් බිලියන 1.23ක් ලබා දීම සඳහා හුවමාරු සටහනකට ඊයේ (14) අත්සන් තබා ඇත.

මෙම අවස්ථාව සඳහා ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ ප්‍රධානී ආචාර්ය ටනාකා අකිහිතෝ මහතා සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය පී. ජී. මහීපාල මහතා ද සහභාගී විය.

මෙම ප්‍රදානය මගින් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල, රත්නපුර ශික්ෂණ රෝහල සහ කුරුණෑගල ශික්ෂණ රෝහල යන ආයතනවල කාබන් විමෝචනය අඩු කිරීම සහ බලශක්ති පිරිවැය මත වූ මූල්‍යමය බර ලිහිල් කිරීම අරමුණු කර ඇත. මෙම ආධාරයත් සමඟ, ඒම රෝහල් වල සූර්ය බලශක්තිය නිෂ්පාදනය කිරීමේ පහසුකම් සම්පූර්ණ වන අතර, විශ්වාසදායක විදුලි සැපයුමක් සහතික කිරීම සහ 2030 වන විට පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් 70% කට වඩා වැඩි විදුලිබල ප්‍රතිශතයක් ශ්‍රී ලංකාවේ භාවිතා කිරීම සම්බන්දයෙන් වන ඉලක්කය සපුරා ගැනීමට ද මෙම ව්‍යාපෘතිය දායක වේ.

ඉන්ධන ආධාරයට සමගාමීව මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට ද දායක වේ. මෙහිදී සූර්ය බලශක්ති පහසුකම් හඳුන්වාදීමේ ප්‍රධානතම අරමුණ වන්නේ සෞඛ්‍ය සේවා සපයන ආයතනවලට හදිසි සහ බලාපොරොත්තු රහිත දුෂ්කර අවස්ථාවන්ට ඔරොත්තු දීමේ හැකියාව වැඩිදියුණු කිරීම සහ ඒමගින් ශ්‍රී ලාංකික ජනතාවගේ යහපැවැත්මට දායක වීමයි. සෞඛ්‍ය සේවාව වැඩිදියුණු කිරීම සහ තිරසාර බලශක්ති විසඳුම් රට තුළ ප්‍රවර්ධනය කිරීම මගින් ජපානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම අවධාරණය කරමින් ඒ සඳහා ඇති සහයෝගීතාව සහ දැඩි කැපවීම මෙමගින් පෙන්නුම් කරයි.

ජපන් රජය සූර්ය බලශක්ති පහසුකම් සාර්ථකව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත්, පුනර්ජනනීය බලශක්ති ඉලක්ක සපුරා ගැනීමට සහ හරිත අනාගතයක් පෝෂණය කිරීමට ශ්‍රී ලංකාවට සහාය වන බවත්, ජපන් තානාපති කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved