Connect with us

පුවත්

රෝහිත අබේගුණවර්ධනට පොහොට්ටුවෙන් නව තනතුරක්

Published

on

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු ලෙස රෝහිත අබේගුණවර්ධන මහතා පත් කර තිබේ.

එම තීරණය ගෙන ඇත්තේ, අද (07) පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා සහ දේශපාලන මණ්ඩල රැස්වීමේදියි.

කොළඹ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී පැවති සාකඡාවෙන් පසු එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරිවසම් මහතා කියා සිටියේය.

“මේ රැස්වීම පැවැත්වෙන්න මූලිකවම ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. පළවෙනි කාරණය තමයි පක්ෂයේ ඉදිරි වැඩ කටයුතු විශේෂයෙන්ම ඉදිරියට එන්නේ මැතිවරණ කාලයක්. ඒ කටයුතු ශක්තිමත්ව කිරීමට ශක්තිමත් නායකත්වයක් අවශ්‍ය වුණා.ඒ සම්බන්ධයෙන් මුහුණ දෙන්න පුළුවන්.ඒ අනුව පක්ෂයේ ජාතික කැඳවුම්කරු හැටියට නව තනතුරක් හැටියට පක්ෂ වයවස්ථාවට ඇතුළත් කළා. ඊටපස්සේ විධායක ස්භා මණ්ඩලය ඒකමතිකව ඒ තනතුර සඳහා රෝහිත අබේගුණවර්ධන මහතාගේ නාමය අනුමත කළා.

ඒ අනුව එතුමා අද සිට පක්ෂ නිලධාරී මණ්ඩලයේ සාමාජිකයෙක් හැටියට විතරක් නෙවෙයි. ජාතික කැඳවුම්කරු හැටියට කටයුතු කරනවා.”

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved