ඉන්දියාවෙන් මෙරටට දුම්රිය එන්ජින් 10ක් ණය ආධාරයක් ලෙස ලබාදීමට කැමැත්ත පළ කර ඇතැයි වාර්තා වේ.
දුම්රිය සාමාන්‍යධිකාරි ඩබ්ලිව්.ඒ.ඩී.එස්. ගුණසිංහ මහතා සඳහන් කළ පරිදී මෙම දුම්රිය එන්ජින් ගෙන ඒමට පෙර තත්ත්ව පරීක්ෂාවක් සඳහා දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් ඉන්දියාව බලා යාමට නියමිත බවය.
එන්ජින් නොමැතිවීම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා මතුව ඇති බවද දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සඳහන් කර ඇත.
තවද පැරණි එන්ජින් අලුත්වැඩියා කර ධාවනයට එක් කළ ද ඒවා විවිධ අවස්ථාවල කාර්මික දෝෂයකට ලක්විමෙන් මගීන් අපහසුතාවට පත්වන බව සාමාන්‍යාධිකාරිවරයා වැඩිදුරටත් පවසයි.