Connect with us

පුවත්

ලංකාවට ඉන්දියාවෙන් ණයට දුම්රිය එන්ජින් 10ක්

Published

on

ඉන්දියාවෙන් මෙරටට දුම්රිය එන්ජින් 10ක් ණය ආධාරයක් ලෙස ලබාදීමට කැමැත්ත පළ කර ඇතැයි වාර්තා වේ.

දුම්රිය සාමාන්‍යධිකාරි ඩබ්ලිව්.ඒ.ඩී.එස්. ගුණසිංහ මහතා සඳහන් කළ පරිදී මෙම දුම්රිය එන්ජින් ගෙන ඒමට පෙර තත්ත්ව පරීක්ෂාවක් සඳහා දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් ඉන්දියාව බලා යාමට නියමිත බවය.

එන්ජින් නොමැතිවීම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා මතුව ඇති බවද දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සඳහන් කර ඇත.

තවද පැරණි එන්ජින් අලුත්වැඩියා කර ධාවනයට එක් කළ ද ඒවා විවිධ අවස්ථාවල කාර්මික දෝෂයකට ලක්විමෙන් මගීන් අපහසුතාවට පත්වන බව සාමාන්‍යාධිකාරිවරයා වැඩිදුරටත් පවසයි.

පුවත්

ජනපති මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දකී

Published

on

By

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  අද (25) පෙරවරුවේ සියම් නිකායේ  මල්වතු සහ  අස්ගිරි පාර්ශ්වයේ මහා නා හිමිපාණන් වහන්සේලා බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

පළමුව මල්වතු මහා විහාරය වෙත පැමිණි ජනාධිපතිවරයා මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නා හිමිපාණන් වහන්සේ  සමඟ “සිරි දළදා වන්දනාව” සහ ඒ ආශ්‍රිත කරුණු පිළිබඳව සාකච්ඡා කළේය.

ඉන් අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නා හිමිපාණන් වහන්සේ සමඟද කෙටි පිළිසඳරක නිරත විය.

එමෙන්ම අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝසභික තේවාව භාර රාජකාරියේ නියුතු පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ බැහැ දැකීමටද ජනාධිපතිවරයා කටයුතු කළේය.

මෙම අවස්ථාව සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරුද  එක්ව සිටියහ.

Continue Reading

පුවත්

“දෙසැම්බර් වෙනකොට සජිත් මහත්තයා ජනාධිපති කරනවා”

Published

on

By

දෙසැම්බර් මාසය වන විට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කරන බව කබීර් හෂීම් මහතා පවසයි.

ජනතා හමුවක් අමතමින් ඒ මහතා වැඩිදුරටත් මෙසේ පවසා සිටියේය.

“මම පොරොන්දුවෙනවා දෙසැම්බර් වෙනකොට සජිත් මහත්තයා ජනාධිපති කරනවා.ඇතිනේ ඒ ටික දැන්.හෙමින් යන්.

මම කියන්නේ ඒක නිකං යයි අපි ගන්න ඔිනි නෑ.ඒක දීලා යයි.කරන්න බැරි වෙන කෙට ගෝඨත් දෙන්න බැලුවා නේ.ගෝඨා දෙන්න යන කොට අපේ ලොක්කා ගන්න පොඩ්ඩක් පරක්කු වුණ ගමන් මොකද වුණේ අරයා රිංගුවා.රනිල් මහත්තයා.

මේ පාර දෙන්නේ නෑ එහෙම.මේ පාර අපිත් බලන් ඉන්නේ.දැනුත් එයා සපත්තු පොලිෂ් කරගෙන රෙඩි වෙලා ඉන්නේ හෙට වැටෙයි කියලා. 

මේ පාර ඒක කරන්න දෙන්නේ නෑ.අරගෙන මේ රට වෙනස් කරන්න ඔිනි.ඒක අපිට කරන්න පුළුවන් “

Continue Reading

පුවත්

ලංගම ඩිපෝ කළමණාකරුවන්ට මාසයක් කල් දෙයි

Published

on

By

ලාබ ලබන හා ගුණාත්මක සේවාවක් ලබා දීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ කළමනාකරුවන්ට ලබන මස අවසානය තෙක් කල් දී ඇති බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ, එසේ නොකරන පුද්ගලයින් සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවය.

මේ වනවිට ලංගම ඩිපෝ 107ක් ක්‍රියාත්මක වන අතර ඉන් ලාභ ලබන ඩිපෝ පවතින්නේ 60කට ආසන්න සංඛ්‍යාවක් පමණි.

නව රජය බලයට පැමිණීමෙන් පසු ලංගම ඩිපෝ කළමනාකාර තනතුරු 20කට ආසන්න සංඛ්‍යාවකට පමණක් වෙනත් පුද්ගලයින් පත් කළ බව  නියෝජ්‍ය අමාත්‍ය  වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කළේ ය.

ඔහු පැවසුවේ සෙසු සියලු පුද්ගලයින් පසුගිය ආණ්ඩු සමයේ පත්වීම් ලැබූවන් බවය.

කෙසේ වෙතත් නව රජයේ ප්‍රතිපත්ති අනුව ලංගම ඩිපෝ මෙහෙයවීම සඳහා ඔවුන්ට මෙතෙක් කල් ලබා දුන් බව ද, නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved