Connect with us

පුවත්

ලංකාවට හොඳ එළදෙනුන් ටිකක් දෙන්න ඉන්දියාවෙන් පොරොන්දුවක්!

Published

on

ශ්‍රී ලංකාවට ඉහළ අභිජනන එළදෙනුන් ලබාදීමට ඉන්දීය රජය එකඟ වී තිබේ.

ඒ ශ්‍රී ලංකාව තුළ ඉහළ කිරි නිපදවන ගව විශේෂ නොමැතිවීම නිසාය.

ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා හා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමඟ පැවැති සාකච්ඡාවකදී ඉන්දීය මහ කොමසාරිස්වරයා මේ බව පවසා ඇත.

එසේම, මේ වන විට කඩා වැටී ඇති ශ්‍රී ලංකාවේ පශු සම්පත් සංවර්ධන ක්ෂේත්‍රය යළි නගා සිටුවීම සඳහා පූර්ණ සහයෝගය ලබාදීමට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර පසුගියදා පැවැති සාකච්ඡාවකදී එකඟව ඇති බවද කෘෂිකර්ම අමාත්‍යංශය කියා සිටී.

ආර්ථික අර්බුදය මධ්‍යයේ කර්මාන්තය මුහුණ දී ඇති පසුබෑම හේතුවෙන් ශ්‍රී ලංකාවේ කිරි සහ කිරි ආශ්‍රිත නිෂ්පාදනය හා කිරි නිෂ්පාදනය පසුගිය වසරේ 19% කින් පහත වැටී ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

මේ අතර, 2021 මහ කන්නයේ රටේ බඩ ඉරිඟු අස්වැන්න මෙට්‍රික් ටොන් 90,000 දක්වා පහත වැටීම නිසා රට තුළ සත්ව ආහාර හිඟයක් ඇති වූ බවත්, බඩඉරිඟු ආනයනයට ඩොලර් හිඟය බාධාවක් වීම නිසා මෙය තවත් උග්‍ර වූ බවත් අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටී.

කෙසේ වෙතත්, 2022 වසර අවසන් වන විට බඩඉරිඟු මෙට්‍රික් ටොන් 180,000ක් ආනයනය කිරීමටත්, මෙම කන්නයේදී බඩඉරිඟු හෙක්ටයාර් 60,000ක් වගා කිරීමට හැකිව ඇතැයි ද එම අමාත්‍යංශය පෙන්වා දෙයි.

පුවත්

ඉන්දියාවෙන් පිටුවහල් කළ තිදෙනෙක් ගුවන්තොටේ දී අත්අඩංගුවට

Published

on

By

මෙරට දී මහා පරිමාණ මුදල් වංචා සිදුකර ඉන්දියාවට පලාගොස් සිටි සැකකරුවන් තිදෙනෙකු ඊයේ (3) පස්වරුවේ යළි දිවයිනට රැගෙනවිත් තිබේ.

ඉන්දියාවෙන් පිටුවහල් කර ඇති මෙම සැකකරුවන් කටුනායක ගුවන්තොටුපොළේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

Continue Reading

පුවත්

ආමි උපුල් වෙඩි තබා ඝාතනය කරලා

Published

on

By

රාගම, බටුවත්ත ග්‍රාම සංවර්ධන මාවත ප්‍රදේශයේ  ඊයේ රාත්‍රි 10.30 ට පමණ සිදු කළ වෙඩි තැබිමකින් ආමි උපුල් නැමති සංවිධානාත්මක අපරාධකරු මියගොස් තිබේ.

ඔහු නිවස අසළ සිටියදී  ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ඔහුට වෙඩි තබා පලාගොස් ඇති බව පොලිසිය කියයි.

මේ වෙඩි තැබීම පිස්තෝලයකින් සිදු කර තිබේ.

45 හැවිරිදි ආමි උපුල් නැමැත්තා ගනේමුල්ල සංජීව නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතමයෙකි.

ඔහු යුධ හමුදාවේ හිටපු සෙබළෙකු බවද පොලිසිය පැවසුවේ ය.

රාගම පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට සිහින් වැසි 

Published

on

By

අද (04) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව දෙනුම්දෙයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved