පුවත්

ලංකාවෙන් වසරකට ක්ෂය රෝගීන් 10,000ක්!

Published

on


වසරකට ක්ෂය රෝගීන් 10,000 ක් පමණ මෙරටින් වාර්තා වන බව ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය බෝධික සමරසේකර මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (14) ‌සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ක්ෂය රෝගය පිළිබඳව මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ වැඩසටහනට එක් වෙමිනි.

ක්ෂය රෝගය සඳහා නිසි අවස්ථාවේ ප්‍රතිකාර නොගැනීමෙන් මරණය පවා සිදු විය හැකි බව වෛද්‍ය සමරසේකර මහතා පවසයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්විමින් ඒ මහතා සදහන් කළේ ක්ෂය රෝගය වාතය මගින් බෝවන රෝගයක් වන බැවින් ප්‍රතිකාර නොගෙන සමාජයේ සිටින පෙනහළු ආශ්‍රිත ක්ෂය රෝගය ඇති රෝගීන් මගින් මෙම රෝගය නිරෝගී පුද්ගලයන්ට බෝවීමේ ඉඩකඩ පවතින බවයි. එවැනි රෝගීන් කහින විට කිවිසුම්හරින විට මෙන්ම සිනාසෙන හා කතාකතා කරන විට ද විෂබීජ සහිත සෙම බිඳිති වාතයට‍ එකතු වන අතර, මෙම විෂබීජ ආශ්වාස කිරීමෙන් රෝගය ආසාදනය වෙයි.
සති දෙකකට වඩා පවතින කැස්ස, රාත්‍රි කාලයේ ඇතිවන මද උණ, ශරීරයේ බර අඩු වීම, රාත්‍රි කාලයේ අධික ලෙස දහදිය දැමීම, කෑම අරුචිය හා සෙම සමඟ රුධිරය පිටවීම ක්ෂය රෝගයේ ප්‍රධානම ලක්ෂණයි. මෙම රෝග ලක්ෂණ එකක් හෝ වැඩි ගණනක් ඇත්නම් හැකි ඉක්මණින්  ළඟ ම පිහිටි ළය රෝග සායනයට හෝ සෙම් පටල පරීක්ෂණාගාරයට පැමිණ නොමිලේ සෙම් පටල පරීක්ෂාවන් සිදු කර ගන්නා ලෙස ක්ෂය රෝග මර්දන ව්‍යාපාරයේ වෛද්‍යවරු මහජනතාවගෙන් ඉල්ලා සිටිති.

Trending

Exit mobile version