සිය කාර්යාලය විසින් ශ්‍රී ලංකාවේ මැතිවරණය සම්බන්ධයෙන් සමීක්ෂණයක් පැවැත්වූ බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව කොළඹ පිහිටි යුරෝපා සංගමයේ තානාපති කාර්යාලය පවසයි.
X ගිණුමට පණිවිඩයක් එක් කරමින් යුරෝපා සංගමයේ තානාපති කාර්යාලය මෙලෙස පවසා ඇත.
එවැනි වාර්තාවක් මත පදනම් වූ සමාජ මාධ්‍ය වාර්තා සඳහන් කර තිබුණේ මෙම සමීක්ෂණයට අනුව ජාතික ජන බලවේගය පෙරමුණ ගෙන සිටින බවයි.