Connect with us

පුවත්

ලංකාව පළමු තරගය ක්‍රීඩා කළ නිව්යෝර්ක් තණතීරුව ප්‍රමිතියෙන් තොරයි!

Published

on

නිව්යෝර්ක් හි පිහිටා ඇති නසාවු කන්ට්‍රි (Nassau County) ක්‍රිකට් පිටියේ තණතීරු ජාත්‍යන්තර ප්‍රමිතියෙන් තොර බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කර තිබේ.

එම ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත සෙසු තරග සම්බන්ධයෙන් ඔවුන් වෙනත් විකල්පයක් සොයමින් සිටින බව ද මාධ්‍ය වාර්තාවල දැක්වේ.

ලෝක කුසලාන පන්දුවාර විස්සයි 20 තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පළමු තරගය ක්‍රීඩා කළේද මේ පිටියේදීය.

එය මේ ක්‍රීඩාංගණයේ පැවැති ප්‍රථම ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ද වේ.

එම තරගය ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර මේ ක්‍රීඩාංගනයේ පළමු තණතීරුවේ පැවැත්විණි.

එහි දී ශ්‍රී ලංකාව ලකුණු 77කට දැවී ගිය අතර දකුණු අප්‍රිකාවට ද එම ඉලක්කය සපුරා ගැනීම සඳහා පන්දුවාර 16.2ක් වැය කිරීමට සිදුවිය.

ඉන්දියාව සහ අයර්ලන්තය අතර පැවැති තරගයෙන් අනතුරුව ජගත් ක්‍රිකට් කවුන්සිලිය විසින් මේ පිටියේ තණ තීරු ජාත්‍යන්තර ප්‍රමිතියෙන් තොර බවට ප්‍රකාශයක් නිකුත් කර තිබිණි.

නිව් යෝර්ක්හි පිහිටා ඇති මෙම ක්‍රීඩාංගණය මාස පහක් තුළ ඉදිකර ඇති බව පැවසේ.

එහිදී ෆ්ලොරිඩාවේ දී නිර්මාණය කළ තණතීරු අදාළ ස්ථානයට රැගෙනවිත් තබා ඇති බවට ද මාධ්‍ය වාර්තා වල දැක්වේ.

පසුගිය 05 වැනිදා සිව් වන තණ තීරුවේ ඉන්දියාව සමඟ පැවැති තරගයේ දී අයර්ලන්ත කණ්ඩායමට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 96ක් පමණයි.

එම තරගය ඉන්දියාව කඩුලු 08කින් ජයගත්ත ද රොහිත් ශර්මා ආබාධයකට ලක් වූ ක්‍රීඩා පිටියෙන් ඉවත් වුණා.

එමෙන් ම රිෂාබ් පාන්ට්ගේ ශරීරයට හදිසි ඉපිලීමක් හේතුවෙන් පන්දුවක් ඇගේද වැදිණි.

එමෙන් ම ජස්ප්‍රිට් බුම්රාගේ තියුණු බවුන්සර් පන්දුවක් අයර්ලන්ත ක්‍රීඩක හැරී ටෙක්ටර්ගේ ඇඟිල්ලේ වැදී තිබිණි

මෙම තණතීරුව හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගේ විවේචනයට ද ලක්විය.

ESPNcricinfo හි Timeout වැඩසටහනට එක්වෙමින් සිම්බාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඇන්ඩි ෆ්ලවර් ප්‍රකාශ කර තිබුණේ, මෙහි හැසිරීම භායනක බවයි.

මෙහි දෙවන සහ තෙවන තණතීරුවල මේ දක්වා කිසිදු තරගයක් පවත්වා නොමැත.

එහි තණකොළ කපා දමා ඇති බවට නිරීක්ෂණය වී ඇති බවට ද වාර්තා පැතිර තිබේ.

නිව්යෝර්ක් ක්‍රීඩාංගණයේ ජුනි 9 වැනිදා ඉන්දියාවට එරෙහිව පාකිස්තානය ඇතුළු තවත් කණ්ඩායම් තරග හයක් පැවැත්වීමට නියමිතයි.

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved