පුවත්

ලංකා ආර්ථිකය ස්ථාවර වීමේ මුල් ලකුණු පැවතුනත් අභියෝග රැසක් – IMF

Published

on

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර වෙමින් පවතින බවට මුල් ලකුණු පහලවී තිබුණද, මෙම තත්ත්වය මෙරට ජනතාව වෙනුවෙන් වඩාත් වැඩිදියුණු වූ ජීවන තත්වයක් කරා පරිවර්තනය කිරීමට අවශ්‍ය බවත් එසේ සිදුකිරීමේදී අභියෝග පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩල ප්‍රධානි පීටර් බෲවර් මහතා පවසයි.

බෲවර් මහතා ප්‍රමුඛ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් කණ්ඩායමක් පසුගිය 11 සිට මෙරට නිල සංචාරයක නිරතවීමෙන් අනතුරුව නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වේ.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් තවදුරටත් ප්‍රගතියක් ඇති විය යුතු බවත්, උද්ධමනය අඩු කිරීමට මුදල් ප්‍රතිපත්ති සම්බන්ධ තීන්දු තීරණ දූරදර්ශී විය යුතු බවත් ඔහු පවසයි.

නිල ණය හිමියන් සමඟ අවසන් කඩිනමින් ගිවිසුමක එළැඹීමත්, බාහිර පෞද්ගලික ණය හිමියන් සමඟ විසඳුමකට එළඹීමත් ඉතා වැදගත් වන බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.

එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන මගින් ලබාදී ඇති ඉලක්ක සපුරා ගැනීමට දේපොළ බද්ද විශාල ආධාරකයක් වනු ඇති බවද ඔහු පැවසීය.

සබැඳි පුවත් :

ලංකාවේ ප්‍රගතිය IMF පැසසුමට

IMF නියෝජිත පිරිස ලංකාවට

ලබන වසරේ සි‍ට දේපල බද්දත් ගහන්න ඕන – IMF

Trending

Exit mobile version