Connect with us

පුවත්

ලංකා ගල් අඟුරු සමාගම ලබන සතියේ කෝප් හමුවට කැඳවයි

Published

on

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව (කෝප් කමිටුව), රජයේ ගිණුම් පිළිබද කාරක සභාව (කෝපා කමිටුව) ඇතුළු කාරක සභා රැසක් ලබන සතියේ රැස්වීමට නියමිතව තිබේ.

මේ අනුව සී/ස ලංකා ගල් අඟුරු පුද්ගලික සමාගම ලබන 9 වැනිදා පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට (කෝප් කමිටුවට) කැඳවා තිබේ.

එසේම ලබන 8 වැනිදා රජයේ ගිණුම් පිළිබද කාරක සභාව (කෝපා කමිටුව) රැස්වීමට නියමිත අතර එහිදී එළවළු බීජ දේශීයව නිෂ්පාදනය කිරීමේ ප්‍රගතියට අදාළ විශේෂ විගණන වාර්තාව පිළිබඳ විමර්ශනය කිරීමට නියමිතය. තවද සායනික අපද්‍රව්‍ය බැහැර කිරීමේ කටයුතු කළමනාකරණයට අදාළ විමර්ශනය සදහා ලබන 11 වැනිදා රජයේ ගිණුම් පිළිබද කාරක සභාවට (කෝපා කමිටුවට) අදාළ අංශ කැඳවා තිබේ.

මේ අතර අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා කිහිපයක් ලබන සතියේ රැස්වීමට නියමිතය. මේ අනුව ලබන 8 වැනිදා අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව, අධ්‍යාපනය පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු , පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව රැස්වීමට නියමිතව ඇත.

එසේම ලබන නොවැම්බර් 10 වැනිදා කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ද විදේශ කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ද රැස්වීමට නියමිතය.

තවද ළමයින් සදහා වන පාර්ලිමේන්තු සංසදය ද ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවද ලබන 8 වැනිදා හමුවීමට නියමිතව තිබේ.

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved