පුවත්

ලංකා ගුරු සංගමයෙන් අගමැතිනියට චෝදනා

Published

on

උසස්වීම්, වැටුප් වර්ධක හා සේවා ස්ථිර කිරීම් ලබා ගැනීමට නොහැකිව සිටින ලක්ෂයකට වැඩි ගුරු පිරිසකගේ ගැටලු වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යවරිය නිසි මැදිහත්වීමක් සිදු නොකරන බවට ලංකා ගුරු සංගමය චෝදනා කර තිබේ.

එහි ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා සඳහන් කළේ, පවතින ගැටලු සම්බන්ධයෙන් වෘත්තිය සමිතිවලට සාකච්ඡාවක් හෝ ලබා නොදෙන අධ්‍යාපන අමාත්‍යවරිය නිලධාරීන්ගේ උපදෙස් මත පමණක් ක්‍රියාත්මක වන බවය.

කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව කියා සිටියේය.

ගුරුවරුන්ගේ උසස්වීම්, වැටුප් වර්ධක හා සේවා ස්ථිර කිරීම් සම්බන්ධයෙන් පවතින ගැටලුවලට නිසි විසඳුම් ලබා නොදෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා වෘත්තිය සමිති හෙට රැස්වන බව ලංකා ගුරු සංගමය වැඩිදුරටත් පවසයි.

Trending

Exit mobile version