පුවත්

ලංකා – පාකිස්ථාන තැපැල් ගිවිසුමක්

Published

on

ශ්‍රී ලංකා – පාකිස්ථානු රාජ්‍යතාන්ත්‍රික සබඳතා සැමරීම වෙනුවෙන් මුද්දර නිකුත් කිරීම සඳහා ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව සහ පාකිස්ථානු තැපැල් ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ශ්‍රී ලංකා – පාකිස්ථානු 75 වසරක දීර්ඝකාලීන සබඳතාව සනිටුහන් කරමින් සමරු මුද්දර 2 ක් නිකුත් කිරීමට දෙපාර්ශ්වය අතර එකඟතාවකට පැමිණ තිබෙන බව සඳහන්ය.

ඒ අනුව කටයුතු කිරීමට හැකි වන පරිදි දෙරටේ තැපැල් පරිපාලන ආයතන අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම සඳහා 2024-10-21 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

යෝජිත අවබෝධතා ගිවිසුමට අනුව දෙරටේ ඵෙතිහාසික බෞද්ධ සිද්ධස්ථාන පදනම් කර ගනිමින් මුද්දර නිර්මාණය කිරීමට සහ නිකුත් කරනු ලබන මුද්දර 5,000 බැගින් හා මුල් දින කවර 2,000 බැගින් දෙපාර්ශ්වය අතර හුවමාරු කර ගැනීමට ද ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව සහ පාකිස්ථානු තැපැල් ආයතනය එකඟ වී තිබෙන බවයි පැවසේ.

අදාළ අවබෝධතා ගිවිසුමට මෙතෙක් අත්සන් තබා නොමැති බැවින් ඒ සඳහා වත්මන් අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා ගැනීමටත්, යෝජිත ගිවිසුමට මේ මාසය අවසානයේදී අත්සන් තැබීමටත් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කරන ලදී.

Trending

Exit mobile version