ලංකා බැංකුවේ ඇතැම් ශාඛාවන් අද (10) පස්වරු 12.30 න් පසුව ගනුදෙනුකාර සේවාවලින් ඉවත්වීම නිසා එහි පාරිභෝගිකයන් අපහසුතාවයට පත්ව ඇතැයි වාර්තා වේ.
2024 වර්ෂයේ ලාභය පදනම් කරගනිමින් ලංකා බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සේවකයන්ට ලබාදීමට අනුමත කරන ලද දිරිදීමනාව සඳහා මුදල් අමාත්‍යංශයේ අනුමැතිය ලබාදීම ප්‍රමාද කිරීම හේතුවෙන් ගන්නා ලද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක ප්‍රතිඵලයක් ලෙස මේ තත්ත්වය ඇතිව තිබේ.
මේ තත්ත්වය සම්බන්ධයෙන් අප ලංකා බැංකු සේවක සංගමයේ සභාපති චන්න දිසානායක මහතා සම්බන්ධකර ගත් අතර ඔහු කියා සිටියේ අද කලින් බැංකු ශාඛා වසා නොදැමූ බවයි.
කෙසේවුවද, ඒ ආකාරයට පස්වරු 12.30 න් පසුව බැංකු ශාඛා වසාදමන ලද ස්ථාන ඇති බවත්, ඒවායේ ඡායාරූප ඇති බවත් අප පෙරළා කියා සිටි අවස්ථාවේ ඒ මහතා දුරකථනය විසන්ධිකරමින් නිරුත්තර විය.
ණය නොගෙවූ ඉතිහාසයක් සහිත වාර්තා තිබියදී නවලෝක රෝහල් සමූහයට බිලියනයකට වඩා වැඩි ණයක් ලබාදීම නිසා ද පසුගිය කාලයේදී ලංකා බැංකුව ආන්දෝලනයට ලක්විය.
සබැඳි පුවත්