පුවත්

ලංවිම ට මේ අවුරුද්දෙත් බෝනස් නෑ

Published

on

ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම සේවකයන්ට මෙම වසරේ ද වාර්ෂික ප්‍රසාද දීමනාවක් හෝ වෙනත් කිසිඳු දීමනාවක් නොගෙවීමට තීරණය කර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේස්කර මහතා එම මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු ප්‍රධානීන්ට ලිඛිතව දැනුම්දී තිබේ.

එම මණ්ඩලයේ පාරිපාලන සහ මෙහෙයුම් පිරිවැය අඩු කිරීමේ පියවරක් ලෙස මීට පෙර වසර වලද වාර්ෂික ප්‍රසාද දීමනා නොගෙවූ බවත් 2015 වසරේ සිට වසර තුනකට වරක් හිමිවූ සියයට 25ක වැටුප් වර්ධකයද නොගෙවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

එමෙන්ම ලංවිම නිලධාරීන්ට ගෙවා ඇති විවිධ දිරි දීමනා සහ දීමනා පිළිබඳ තොරතුරු හා නිලධාරීන් කුලියට ගෙන ඇති වාහන හා කුලී ලෙස ගෙවන මුදල් ප්‍රමාණය පිළිබඳ වාර්තාවක් දෙසැම්බර් 21දා තමාට ලබා දෙන ලෙසත් අමාත්‍යවරයා විදුලිබල මණ්ඩලයේ සභාපතිගෙන් ඉල්ලා තිබේ.

Trending

Exit mobile version