පුවත්

“ලක්ෂයට අඩුනම් බදු ගෙවන්න එපා’

Published

on

බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකයක් (TIN)ලබා ගත් පුද්ගලයන්ට බදු ගෙවන ලෙස දේශී‍ය ආදායම් දෙපාර්තමේන්තුව මගින් ලිපි හෝ කෙටි පණිවිඩ ලැබුණ ද තමන් මාසික ආදායම රුපියල් ලක්ෂයේ සීමාව ඉක්මවා නොමැති නම් ඒ බව ලිඛිතව දැනුම්දී, බදු ගෙවීමෙන් වැළකී සිටිය හැකි බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් ළඟම පිහිටි දේශීය ආදායම් දෙපාර්තමේන්තු ප්‍රාදේශීය කාර්යාලයට දැනුම් දිය හැකි බව අමාත්‍යවරයා පවසා තිබේ.

මේ වන විට පුද්ගලයන් ලක්ෂ 23ක් TIN අංකය ලබා ගෙන ඇති බවත් ජූනි මස පමණක් පුද්ගලයන් ලක්ෂ 13ක් එම අංකය ලබා ගෙන තිබෙන බව සඳහන්ය.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ජූලි මස අවසන් වන විට ඨෛණ් අංක ලබා දුන් පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂ 73ක් බවට පත් කිරීම අරමුණ බවය.

Trending

Exit mobile version