ගම්පහ සුරාබදු කාර්යාලයේ නිලධාරීන් සිදුකළ වැටලීමකදී නීතිවිරෝධීව ගබඩා කර තිබූ විදේශීය මත්පැන් බෝතල් තොගයක් සොයාගෙන තිබේ.
බොරැල්ලේ පිහිටි පෞද්ගලික ආයතනයක් සම්බන්ධයෙන් සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයාට ලැබුණු පැමිණිල්ලක් මත මෙම වැටලීම සිදු කර තිබුණි.
එහිදී ගම්පහ සුරාබදු කාර්යාලයේ නිලධාරීන් එම ආයතනයේ ගබඩා කර තිබූ විදේශීය මත්පැන් බෝතල් 173ක් සොයාගෙන තිබේ.
සුරාබදු නිලධාරීන් පවසන්නේ මෙහිදී සොයාගත් මත්පැන් බෝතල්වල වටිනාකම රුපියල් ලක්ෂ 50කට අධික බවය.
මෙම මත්පැන් බෝතල් තොගය සමඟ කොළඹ පදිංචි වයස අවුරුදු 35ක පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව වැඩිදුරටත් වාර්තා වේ.
අත්අඩංගුවට ගත් සැකකරු අද (10) මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.