පුවත්

ලලිත් කොතලාවලගේ මරණය සැක බවට පොලිසියට පැමිණිල්ලක්

Published

on

කෝටිපති ව්‍යාපාරික ලලිත් කොතලාවල මහතාගේ මරණය සැක සහිත බවට බම්බලපිටිය පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ.

ඒ  පැමිණිල්ල කර ඇත්තේ කොතලාවල මහතාගේ බිරිඳගේ වැඩිමහල් සොයුරිය වූ, 84 හැවිරිදි ෂෙරින් ප්‍රනාන්දු මහත්මිය විසිනි.

මියගිය ලලිත් කොතලාවල මහතා කුමන සෞඛ්‍ය තත්ත්වයක පසු වූවාදැයි තමන් නොදන්නා බවත්, ඔහු කුමන ලෙඩ රෝග සඳහා කුමන ඖෂධ භාවිතා කළේද, කුමන තරාතිරමක වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ලබාගත්තේද යන්න නොදන්නා බවත්, ඇය පැවසූ බව පොලිසිය සඳහන් කර ඇත.

මේ හේතුවෙන් ඔහුගේ මරණය සිදු වූ ආකාරය හෙළි කර ගැනීමට කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්‍යාලයේදී අද (23) පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කිරීමට තීරණය කර තිබේ.

ව්‍යාපාරික ලලිත් කොතලාවල මහතා බම්බලපිටිය ප්‍රදේශයේ නිවෙසක ඔහුගේ සේවකයින් කිහිප දෙනෙකු සමඟ වෙනම ජීවත් වූ බවත්, ඔහුගේ බිරිඳ වූ සිසිලියා කොතලාවල මහත්මිය එම ප්‍රදේශයේම වෙනත් නිවෙසක පදිංචිව සිටි බවත් ඇය පොලීසියට පවසා තිබේ.

සබැඳි පුවත් :

ලලිත් කොතලාවල අභාවප්‍රාප්ත වෙයි

Trending

Exit mobile version