Connect with us

පුවත්

ලිට්‍රෝ ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට (Update)

Published

on

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දමා තිබේ.

ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසුුුවේ කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 343/- කින් ඉහළ දැමෙන බවයි.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 3,470 කි.

එමෙන්ම කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 137/-කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 1,393/-කි.

තවද කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 63/-කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 650/-කි.

——————————————-

(පෙර පුවත  :  2023 ඔක්තෝබර් 04, පෙ.ව. 10.27)

ලිට්‍රෝ ගෑස් වල නව මිල අද

මාසිකව සිදුවන මිල සූත්‍රයට අනුව මෙවර ගෑස් මිල සංශෝධනය අද (04) ප්‍රකාශයට පත් කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

ලෝක වෙළෙඳපොළේ පවතින ගෑස් මිල ඉහළයාම හේතුවෙන් පසුගිය මස 04 දින මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් සමාගම විසින් ගෑස් මිල ඉහළ දැමීමට පියවර ගෙන ඇත.

ඒ අනුව රුපියල් 2,982ක්ව පැවති කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 145කින් ඉහළ දැමූ අතර එහි නව මිල වූයේ රුපියල් 3,127කි.

එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 58කින් ඉහළ දැමූ අතර එහි නව මිල වූයේ රුපියල් 1,256කි.

මේ අතර විදුලි බිල යළි යළිත් වැඩි නොකරන බව පැවසු විෂයභාර අමාත්‍යවරයා විදුලි බිල වැඩි කරමින් සිදුකරන මෙම ක්‍රියාවලිය මඟින් ජනතාව තවදුරටත් පීඩාවට පත්වන බව ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා පවසයි.

පුවත්

මේ සතියේ කැබිනට් තීරණ මෙන්න

Published

on

By

ඊයේ  (21) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ.

එම තීරණ මෙසේය 

Continue Reading

පුවත්

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

Published

on

By

අද (22) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-04-22

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-04-22

Posted by Department of Government Information – Sri Lanka on Monday, April 21, 2025

Continue Reading

පුවත්

යල කන්නයේ පොහොර සහනාධාර අද සිට

Published

on

By

යල කන්නයේ පොහොර සහනාධාර අද සහ හෙට මුදා හරින බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පවසයි.

ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් රෝහණ රාජපක්ෂ මහතා සඳහන් කළේ දිස්ත්‍රික්ක 09 ක් සඳහා එම මුදල් මුදා හරින බවය.

කුඹුරු හෙක්ටයාර 1ක් සඳහා රුපියල් 25,000 බැගින් හෙක්ටයාර 2කට යටත්ව පොහොර සහනාධාරය ලබාදෙනු ලැබේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved