Connect with us

පුවත්

ලෙඩ නිවාඩුවට බදු ගැහුවැයි වාරය සේවකයන් වර්ජනයේ

Published

on

අසනීප නිවාඩු දීමනාව ලබා ගැනීමේදී ‘‘උපයන විට බද්දට‘‘ යටත් වීමට සිදුවීම හේතුවෙන් වරාය සේවකයන් අද (22) වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත.

දින 21ක අසනීප නිවාඩු හිමි වරාය සේවකයින් මෙම නිවාඩු ලබා නොගෙන ඒ වෙනුවෙන් පිරිනමන දීමනාව ලබා ගැනීමට හුරු වී තිබෙන අතර, රු. ලක්ෂයට වඩා මාසික වැටුපක් ලබා ගන්නා සේවකයින් උපයන විට බද්දට යටත් වන බැවින් අසනීප නිවාඩු දීමනාව ලබා ගැනීමේදී වරාය සේවකයින්ටද මෙම බද්ද ගෙවීමට සිදු වී ඇත.

කෙසේවෙතත්, වරාය වෘත්තිය සමිති පවසා ඇත්තේ මෙම වැඩවර්ජනයට තමන් කිසිසේත් සම්බන්ධ නැති බවත්, සේවකයින් පෞද්ගලිකව මෙම වැඩ වර්ජනයේ නිරතව ඇති බවත්ය.

මේ අතර, වෛද්‍ය නිවාඩු සඳහා ගෙවූ දීමනාවෙන් බදු අය කිරීමට විරෝධය දක්වමින් වැඩවර්ජනය කරන වරාය සේවකයන්ගේ වැඩ තහනම් කර ඒ පිළිබඳව අධිකරණයට දැනුම් දෙන බව වරාය අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසූ බව ‘ලංකාදීප’ වාර්තා කරයි.

එම දීමනාවෙන් බදු අය කිරීම වාරාය අධිකාරියේ තීරණයක් නොව එය රජයේ බදු ප්‍රතිපත්තිය බවත්, දීමනාවෙන් අයකර ඇති එම බදු මුදල් වරායට නොලැබෙන බවත් එය රජයට යොමුකළ යුතු බවත් එම නිලධාරියා වැඩිදුරටත් පවසා ඇත.

බදු සම්බන්ධයෙන් වැඩවර්ජන කළ නොහැකි යැයි අධිකරණ නියෝගයක් තිබියදී වර්ජනය කිරීම අධිකරණ නියෝගය නොසළකා හැරීමත් බවද ඔහු වැඩිදුරටත් පවසා ඇත.

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved