පුවත්

ලෙව්කේගේ කාලතුවක්කුව බාරදෙන්න නෙදර්ලන්තය අද ගිවිසුමකට

Published

on

මේ වසර අගදී ශ්‍රී ලංකාවට භාරදීමට නියමිත සංස්කෘතික කෞතුක භාණ්ඩවල අයිතිය පැවරීමේ නීතිමය ලියවිල්ලට අත්සන් තැබීම සඳහා නෙදර්ලන්ත රජයේ නියෝජිත පිරිසක්  දිවයිනට පැමිණ සිටී.

මේ අනුව, ඔවුන් ඓතිහාසික වටිනාකමකින් යුත් කෞතුක වස්තු 6ක් ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා වන ගිවිසුම් දෙකකට බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේදී අද (28) අත්සන් තැබීමට නියමිතය.

1765 දී ලන්දේසීන් මහනුවර රාජකීය මාලිගය වටලන විට ලන්දේසි නැගෙනහිර ඉන්දීය සමාගම (VOC) විසින් මෙම පුරාවස්තු රැගෙන ගොස් ඇත.

තහවුරු කළ අයිතම පහත පරිදි වේ: 

1. ලෙව්කේගේ කාලතුවක්කුව 

2. රන් කස්තානයක් 

3. රිදී කස්තානයක් 

4. සිංහල පිහියක්

5. තුවක්කු දෙකක්

Trending

Exit mobile version