පුවත්

ලොව අපිරිසිදුම මිනිසා මිය යයි

Published

on

ලොව අපිරිසිදුම පුද්ගලයා ලෙස විරුදාවලිය ලබා සිටි අමොව් හාජි මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු ඉරාන ජාතිකයෙක් වන අතර මිය යන විට 94 හැවිරිදි වියේ පසු විය.

විදෙස් මාධ්‍ය පැවසුවේ ඔහු වසර 50ක් පමණ නෑම හෝ පිරිසිදුවීම කර නොමැති බැවින් ගම්වාසීන්ගේ බලවත් පෙරැත්ත මත පසුගියදා ඔහු ස්නානය කර ඇති බවත් ඉන් දින කිහිපයකට පසු ඔහු මියගොස් ඇති බවත් ය.

අමොව් හාජි පවසා ඇත්තේ ජලය ස්නානය කිරීමට තමා බිය බවය.

මීට පෙරද, ගම්වාසීන් ඔහුව පිරිසිදු කිරීමට උත්සාහ කළ ද එය ව්‍යර්ථ වී ඇත.

Trending

Exit mobile version