Connect with us

පුවත්

ලොව ජීවන වියදම් අඩුම නගර අතරට කොළඹත්?

Published

on

ලෝකයේ ජීවන වියදම් අඩුම නගර අතරට වාර්තාවක් විසින් කොළඹ ද නම් කර තිබේ.

වාර්ෂික Economist Intelligence Unit (EIU) සමීක්ෂණයට අනුව, කොළඹ 161 වැනි ස්ථානයට පත්ව ඇත.

EIU හි ලෝක ජීවන වියදම් දර්ශකයට අනුව අඩුම ජීවන වියදම් සහිත නුවර ලෙස අංක 172 පසුවෙන්නේ සිරියාවේ ඩැමස්කස් අගනුවරයි.

එම දර්ශකයට අනුව, මෙවර ලොව ඉහළම ජීවන වියදමක් ඇත්තේ ඇමෙරිකාවේ නිව් යෝක් නගරය හා සිංගප්පූරුවයි. මේ නිව් යෝක් මුල් ස්ථානයට පත්වූ පළමු අවස්ථාවයි. පසුගිය වසරේ අංක එක වූ ටෙල් අවිව් මෙවර තෙවැනි ස්ථානයට පත්ව ඇත.

සමස්තයක් වශයෙන්, ලෝකයේ විශාලතම නගරවල ජීවන වියදම මේ වසරේ 8.1% කින් ඉහළ ගොස් ඇති බව EIU සමීක්ෂණ වාර්තාවේ දැක්වේ. යුක්‍රේන යුද වාතාවරණය හා ලෝක සැපයුම් දාමයට කොවිඩ්-19න් ඇති වූ බලපෑම, මීට හේතුවූ කරුණු ලෙස හඳුනාගෙන ඇත.

(මූලාශ්‍රය : බීබීසී)

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved