පුවත්

ලොහාන් බන්ධනාගාර රෝහලට

Published

on

නීතිවිරෝධී අයුරින් විදේශයකින් මෙරටට ගෙන්වා එකලස් කරන ලද සුඛෝපභෝගි මෝටර් රථයක් භාවිතකිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර සිටින හිටපු රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ මහතා වැලි­කඩ බන්ධ­නා­ගාර රෝහ­ලට යොමු කර තිබේ.

බන්ධ­නා­ගාර කොම­සා­රිස්, මාධ්‍ය ප්‍රකා­ශක ගාමිණී දිසා­නා­යක මහතා පැවැ­සුවේ අධි­ක­ර­ණ­යෙන් ලැබූ නියෝග මත හිටපු රාජ්‍ය ඇමැ­ති­ව­රයා අඛ­ණ්ඩව ලබා­දිය යුතු වෛද්‍ය ප්‍රති­කාර සඳහා බන්ධ­නා­ගාර රෝහ­ලට ඇතු­ළත් කළ බවය.

ලොහාන් රත්වත්තේ මහතා අග්න්‍යාශ ප්‍රදාහය (Pancreatitis) අක්මාවේ තෙල් තැන්පත් වීම  (Fatty liver) ඇතුළු රෝග ගණ­නා­ව­කින් පෙ‍ළෙන බව බන්ධ­නා­ගාර රෝහල් ආරංචි මාර්ග සද­හන් කරයි.

එබැ­වින් ඔහු අඛ­ණ්ඩව ඖෂධ භාවිත කරන අතර ඒ වෙනු­වෙන් බන්ධ­නා­ගාර රෝහ­ලට ඔහුව යොමු කර ඇති බවයි වාර්තා වේ.

නීති විරෝධී ලෙස එකලස් කරන ලද මෝටර් රථයක් ලඟ තබා ගැනීමේ චෝදනාවට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ පසුගිය 31 වෙනි දින පෙරවරුවේ කටුගස්තොට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලදී.

අනතුරුව ඔහු නුගේගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු කරුණු සලකා බැලූ නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් නොවැම්බර් 7 වන දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කලේය.

Trending

Exit mobile version