Connect with us

පුවත්

‘‘ලෝක තරුණ නිපුණතා දිනය‘‘  අදයි.

Published

on

අද (15)  ලෝක තරුණ නිපුණතා දිනය (World Youth Skills Day)  යි.

ශ්‍රී ලංකාවේ යෝජනාවක් අනුව ලොව තරුණ තරුණියන්ට වෙන්වූ ‘‘ලෝක තරුණ නිපුණතා දිනය‘‘ සෑම වසරකම ජූලි මස 15 වැනි දිනට යොදා ගැනීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඒකමතිකව තීරණය කර තිබේ.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිත්‍ය නියෝජිත ආචාර්ය පාලිත කොහොන මහතා එවක ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අදහසක් අනුව මෙම යෝජනාව ඉදිරිපත් කල අතර ඊට රටවල් 134 ක එකඟත්වය හිමිවිය.

මෙම යෝජනාව ගෝලීය මට්ටමෙන් වර්තමානයේ පෙනෙන තරුණ විරැකියාව සහ ඌණ සේවා නියුක්ති ගැටලුවට පිළියමක් ලෙස රැකියා අරමුණු කරගත් නිපුණතාවන් වර්ධනය කිරීමේ ඇති වැදගත්කම අවධාරණය කරයි.

එක්සත් ජාතීන් විසින් අනුමත කළ මෙම යෝජනාව විවිධ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් තරුණ තරුණියන් සතු නිපුණතාවන් හඳුනාගැනීම, රැකියා වෙළෙඳපොලෙහි පවත්නා ඉල්ලුමට සරිලන නිපුණතාවන් ප්‍රවර්ධනය මෙන් ම රැකියා අවස්ථා පුළුල් කිරීමේ අවශ්‍යතාවය සම්බන්ධයෙන් දැනුවත් කිරීම අරමුණු කර ගත්තකි. මෙය ගෝලීය වශයෙන් පවත්නා විරැකියාව සහ ඌණ සේවා නියුක්ති ගැටලුව අවම කිරීම සම්බන්ධයෙන් ගනු ලැබූ සාර්ථක පියවරක් ලෙස ද ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබාදුන් දායකත්වය ලෙස ද සැලකිය හැකිය.

මෙම යෝජනාව සාර්ථක ලෙස එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ අනුමත කරගැනීම සඳහා දායක වු පිරිස් අතර එ වනවිට තරුණ කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සහ එම අමාත්‍යංශයේ කාර්ය මණ්ඩලය මෙන් ම ජාතික තරුණ සේවා සභාවේ නිලධාරී පිරිස් ද, නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කටයුතු පිළිබඳ කාර්යාලය, එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ තරුණ කටයුතු පිළිබඳ විශේෂ නියෝජිත අහමඩ් අල්හෙන්දාවි මහතා සහ කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ නියෝජිත කාර්යාලය විශේෂ සහායක් ලබා දී ඇත.

පුවත්

මේ සතියේ කැබිනට් තීරණ මෙන්න

Published

on

By

ඊයේ  (21) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ.

එම තීරණ මෙසේය 

Continue Reading

පුවත්

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

Published

on

By

අද (22) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-04-22

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-04-22

Posted by Department of Government Information – Sri Lanka on Monday, April 21, 2025

Continue Reading

පුවත්

යල කන්නයේ පොහොර සහනාධාර අද සිට

Published

on

By

යල කන්නයේ පොහොර සහනාධාර අද සහ හෙට මුදා හරින බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පවසයි.

ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් රෝහණ රාජපක්ෂ මහතා සඳහන් කළේ දිස්ත්‍රික්ක 09 ක් සඳහා එම මුදල් මුදා හරින බවය.

කුඹුරු හෙක්ටයාර 1ක් සඳහා රුපියල් 25,000 බැගින් හෙක්ටයාර 2කට යටත්ව පොහොර සහනාධාරය ලබාදෙනු ලැබේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved